Super User

Super User

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදුකරන ලද සිව්වන පින්කම් මාලාව 2021 වර්ෂයේ පෙබරවාරි මස 08 වන දින අප විසින් ඉතා සාර්ථක අන්දමින් සිදු කරන ලදී. අප විසින් සිදු කරන ලද පින්කම් පහත දැක්වේ.

1) මංගල මහා සෑ රදුන් වෙත සිදු කරන ලද උතුම් පූජාව සහ එම පූජනීය ස්ථානයේදී අප පින්කම් මාලාව සදහා ආධාර උපකාර කරන ලද සියළු දෙනා වෙත පින් අනුමෝදන් කිරීම

2) සේරුවිල ප්‍රදේශය ආශ්‍රිත අපගේම සහෝදර ජනතාව වෙත හැකි අයුරින් පොත්පත්, ඇදුම්, මිල මුදල් සහ වෙනත් ද්‍රව්‍යය ලබාදීම
3) පොළොන්නරුව/දිඹුළාගල සුසිරිගම ප්‍රදේශයේ නෙළුම්ගම මහා විද්‍යාලය සදහා උසස් පෙළ ගණිතය සහ ජීව විද්‍යා උපකාරක පොත්/නිබන්ධන ලබා දීම, විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබා දීම, එම විදුහලේ ගුරු මණ්ඩලයට උපහාර දැක්වීම, එම ප්‍රදේශයේ ආසන්නව වාසය කරන ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍යය ලබා දීම සහ සත්කාර කිරීම, එම විද්‍යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍යය සහ වෙනත් ද්‍රව්‍යය පරිත්‍යාගය, එම විද්‍යාලයට පුස්තකාල පොත් පරිත්‍යාගය
4) ඓතිහාසික මුතුගල ලෙන් විහාරය සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය පූජා කිරීම

මෙම සියළු පින්කම් එක පෙලට සාර්ථකව සිදු කරගැනීමට හැකියාව ලැබුනේ, පින්වත් ඔබ සැමගේ කාරුණික පරිත්‍යාග හේතුවෙන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.

විශේෂ ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව

1 - සැමදාම අප පින්කම් සදහා උපකාර කරන, නවසීලන්තයේ වාසය කරන සිවිල් ඉංජිනේරු ජගත් රූපසිංහ මහත්මා වෙත
2 - අයි. ටී. අයි ආයතනයේ සේවක මහත්ම මහත්මීන් වෙත 
3 - සැමදාම අප පින්කම් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන එම රථ වල අයිතිකරු, ව්‍යාපාරික, පත්තඩුවන ප්‍රදේශයේ වාසය කරන, ඉන්දික මහත්මා වෙත
4 - කිසිදු නින්දක් පවා නොලැබ, මෙම පින්කම සදහා බස් රථයෙන් අපව ආරක්ෂිතව පොළොන්නරුව ප්‍රදේශයට රැගෙන ගිය, අප වෙත නොමද සහයක් දැක්වූ බස් රථයේ රියදුරු චතුර මහත්මා වෙත

5 - වසන්ත බණ්ඩාර මහතා, එම මහත්මිය සහ පුතණුවන් දෙපල වෙත
6 - ඉහත නම් කරන ලද ආයතන සහ මහත්ම මහත්මීන් හැරුණු කොට, අප වෙත තනි වශයෙන් දායකත්වය දැක්වූ පින්වත් ඔබ සැම වෙත

මෙම පින්කම සදහා සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. ඉගෙන ගන්නා දූ දරුවන් වෙනුවෙන් පොත්පත් ලබා දීම ඔබ සැමට උපදින උපදින භවයක් පාසා එම භවයේදී ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍යය වන ශිල්ප ශාස්ත්‍ර මනාව පිහිටීමට උපකාරී වනු ඇත. ඔබ සියළු දෙනාට ඉතා හොද ධාරණ ශක්තියක් මෙන්ම අධ්‍යාපනයේ විශේෂ කුසලතාවයන් ලැබීම සදහා මෙම පින්කම උපදින උපදින භවයක් පාසා හේතු වාසනා වනු ඇත. එමෙන්ම ගැබිණි මව්වරුන්ට පිහිට වීම හේතුවෙන් උපදින උපදින භවයක් පාසා අංග ප්‍රත්‍යංග නොඅඩු, යහපත්, කීකරු බෝධිසත්ව දරුවන් ඔබ සියළු දෙනාට ලැබේවා !.

සිත පහදවාගන්න. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. ඔබ සැමගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අනන්ත ගුණයෙන් වැඩෙත්වා !!. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

අප වෙත ලබා දුන් ආධාර සැකෙවින් පහත දක්වනු ලැබේ. එම මහත්ම මහත්මීන්ගේ නම් වල වැරදීමක් හෝ නම් සදහන් නොවීමක් හෝ වෙනත් කිසියම් දෝෂයක් අපගෙන් සිදුව ඇත්නම් ඉතා කාරුණිකව සමාව ඇයැද සිටිමු.

 

මුදල් ආධාර

 

නම පරිත්‍යාගය
ජගත් රූපසිංහ මහත්මා 80000
ලංකා මහත්මිය 25000
කුෂාන් මහත්මා  20000
ෂාමිනි මහත්මිය 10000
නලින් මහත්මා 6500
වීරරත්න මහත්මා 5000
අරුණ අබේරත්න මහත්මා 5000
අධිකාරි මහත්මා 5000
මොනීෂා මහත්මිය 5000
නිමල් පුණ්‍යසිරි මහත්මා 5000
ප්‍රසන්න මහත්මා 5000
වරුණ මහත්මා 5000
හිමල්ෂි මහත්මිය 5000
පූර්ණිමා මහත්මිය 5000
ධම්මික මහත්මා 5000
චානක පතිරණ මහත්මා 5000
වරුණ මහත්මා 3000
සූරසේන මහත්මා  1000
හර්ෂ මහත්මා 1000
සුපුන් මහත්මා 1000
ධර්මදාස මහත්මා 1000
පූර්නිම මහත්මා 1000
නුවන් මහත්මා 500
නිමන්ත පෙරේරා 12000
   
ලැබුණු මුලු මුදල 217,000

 

පොත් පත් සහ වෙනත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි පොත් 276යි/කිරිපිටි/සබන්/ටූත් පේස්ට්/බෙඩ් ෂීට් 15යි/පොල් 60යි
පූජ්‍ය උඩුදුම්බර විජයකිර්ති හිමි කරඩු 02යි/පොත් 200යි/වටාපත්/කිරිපිටි 12යි/මුතුකුඩ/කුඩ/ටේබල් ෆෑන් 01යි/සාලු 30යි/මදුරු දැල් 05යි/සබන්
පූජ්‍ය විජය මෛත්‍රී හිමි කිරිපිටි/සබන්/සිවුරු/පොත් 12යි/පෑන්
පූජ්‍ය විජයසීහ හිමි සිවුරු 20යි/සී.ආර් පොත් 75යි
සහන් අමල්ක වීරසිංහ මහත්මා (සී.බී.එල් නැචුරල් ෆුඩ්ස් සමාගම) පොත් 20යි
නිමල් මහත්මා පොත් 60යි
චමින්ද මහත්මා පොත් 30යි
තිලක් මහත්මා පොත් 30යි
සුමුදු ප්‍රියන්ත මහත්මා පොත් 50යි
ප්‍රසාදිනී මහත්මිය චිත්‍ර පොත් 20යි/මකන 10යි
චමෝද් මහත්මා චිත්‍ර පොත් 5යි
ලංකා මහත්මා පොත් 100යි 
ශර්මිලා මහත්මිය පාට පෙට්ටි 20යි 
ඉෂාර මහත්මා එළගි තෙල් 
නාරායන මහත්මා ඇදුම් පෙට්ටි 05යි 
අමල් මහත්මා ඇදුම් පෙට්ටි 03යි 
මංජුල පතිරණ මහතා සහ එම මහත්මිය ආරණ්‍ය සදහා ගෑස් සිලින්ඩරයක්/උදළු තල 02ක්/ගල් කටු/අඩු සහ මිටි/පානීය ජලය විශාල බෝතල්/වියලි ආහාර/වටිනා පැල වර්ග සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්

 

 

පුස්තකාල පොත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
බෞද්ධයා නාලිකාව දහම් පොත් 50යි
නිමල් මහත්මා පොත් 40යි
සුමුදු ප්‍රියන්ත මහත්මා පොත් 30යි
සාරංගි මහත්මිය පොත් 12යි 
ජගත් රූපසිංහ මහත්මා පොත් 100යි
තිලක් මහත්මා පොත් 255යි
තිලිණි මහත්මිය දහම් පොත් 16යි 
චිත්‍රන් මහත්මා පත්තර 105යි
එච්. එස් ගුණසේකර පදනම දහම් පොත් 100යි 
අමල් මහත්මා පොත් 100යි
නිර්මාලි මහත්මිය උසස් පෙළ ජීව විද්‍යා පොත් පෙට්ටි 05යි 

 

අප විසින් සිදු කරන ලද මුළු වියදම 283,818 /= වන අතර අපට ලැබුණු මුදල් ආධාර වල එකතුව 217,000 /= ක් වේ. මෙහි ඉතිරි වියදම දරන ලද්දේ මංජුල පතිරණ මහත්මා සහ එම මැතිණිය විසිනි. ඔබ ලබා දෙන මුදල් අප විසින් පින්කම සදහාම යොදනු මිස වෙනත් කිසිම කටයුත්තක් සදහා කිසිවිටකත් යොදනු නොලබන බවද ඉතා කාරුණිකව සිහිපත් කරමු. පින්කමට අදාළ බිල්පත් විශාල ප්‍රමාණයක් තිබුනද ඒවා පල කිරීමට වැඩි අන්තර්ජාල සර්වර් ඉඩක් අවශ්‍ය වන බැවින් බිල්පත් මෙහි පල නොකරන බව කාරුණිකව සලකන්න. ඔබ කිසිවෙකුට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අප හමුවී සියලු බිල්පත් පරීක්ෂා කර බලනු ලබන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අපට මේ පින්කම සදහා උදව් කල නොකළ සෑම දෙනා හට පින් අනුමෝදන් කිරීම පිණිස අති පූජණීය මංගල මහා සෑ රදුන් හට පූජාවන් සිදු කොට ඔබ සෑම සියළු දෙනා වෙත පින් අනුමෝදන් කරන ලදී. අපගේ පින්කම සාරාංශ ලෙස දැක ගැනීමට පහත වීඩියෝ නරබන්න.

 

හැකි නම් මෙම සියළුම වීඩියෝ වල තත්වය (QUALITY) HD - 1080P60 ලෙස නරඹන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදුකරන ලද තෙවන පින්කම් මාලාව 2020 වර්ෂයේ ජනවාරි මස 27 වන දින අප විසින් ඉතා සාර්ථක අන්දමින් සිදු කරන ලදී. අප විසින් සිදු කරන ලද පින්කම් පහත දැක්වේ.

1) රුවන්වැලි මහා සෑ රදුන් වෙත සිදු කරන ලද උතුම් පූජාව සහ එම පූජනීය ස්ථානයේදී අප පින්කම් මාලාව සදහා ආධාර උපකාර කරන ලද සියළු දෙනා වෙත පින් අනුමෝදන් කිරීම
2) අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සදහා උසස් පෙළ ගණිතය සහ ජීව විද්‍යා උපකාරක පොත්/නිබන්ධන ලබා දීම
3) වාහල්කඩ හේමමාලි මහා විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබා දීම, එම විදුහලේ ගුරු මණ්ඩලයට උපහාර දැක්වීම, එම ප්‍රදේශයේ ආසන්නව වාසය කරන ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍යය ලබා දීම සහ සත්කාර කිරීම, එම විද්‍යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍යය සහ වෙනත් ද්‍රව්‍යය පරිත්‍යාගය, එම විද්‍යාලයට පුස්තකාල පොත් පරිත්‍යාගය
4) පාඩිග්ගම ධර්මාශෝක විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබාදීම, එම දරුවන්ගේ මව්වරුන්ට ඉතා සුළු පරිත්‍යාගයක් කිරීම (කිරිපිටි, සබන්, ඇදුම් පැළදුම් වැනි දෑ)
5) කහටගොල්ලෑව ශ්‍රී ධර්මවිජයාරාම විහාරය සදහා පූජාවන් සිදු කිරීම

මෙම සියළු පින්කම් එක පෙලට සාර්ථකව සිදු කරගැනීමට හැකියාව ලැබුනේ, පින්වත් ඔබ සැමගේ කාරුණික පරිත්‍යාග හේතුවෙන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.

විශේෂ ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව

1 - සැමදාම අප පින්කම් සදහා උපකාර කරන, නවසීලන්තයේ වාසය කරන සිවිල් ඉංජිනේරු ජගත් රූපසිංහ මහත්මා වෙත
2 - ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමව්පියන් වෙත
3 - මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය/විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමව්පියන් වෙත
4 - ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවක මහත්ම මහත්මීන් වෙත (ආයතනයේ ආධාර උපකාර කරන ලද මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් ඇති අතර, ඇතැම් නම් වල තිබෙන අපැහැදිලි බාවය සලකා අප විසින් පොදුවේ දෙන ලද ආධාරය මෙහි සදහන් කිරීමට සිදුවීම පිලිබදව කණගාටුව පල කර සිටිමු.)
5 - අයි. ටී. අයි ආයතනයේ සේවක මහත්ම මහත්මීන් වෙත (ආයතනයේ ආධාර උපකාර කරන ලද මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් ඇති අතර, අප විසින් පොදුවේ දෙන ලද ආධාරය මෙහි සදහන් කිරීමට සිදුවීම පිලිබදව කණගාටුව පල කර සිටිමු.)
6 - සැමදාම අප පින්කම් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන එම රථ වල අයිතිකරු, ව්‍යාපාරික, පත්තඩුවන ප්‍රදේශයේ වාසය කරන, ඉන්දික මහත්මා වෙත
7 - කිසිදු නින්දක් පවා නොලැබ, මෙම පින්කම සදහා බස් රථයෙන් අපව ආරක්ෂිතව කැබිතිගොල්ලෑව ප්‍රදේශයට රැගෙන ගිය, අප වෙත නොමද සහයක් දැක්වූ බස් රථයේ රියදුරු චතුර මහත්මා වෙත

8 - මංජුල මහතාගේ මිතුරු, අප සමග මෙම පින්කමට සහභාගී වූ චන්දන මහතා වෙත
9 - ඉහත නම් කරන ලද ආයතන සහ මහත්ම මහත්මීන් හැරුණු කොට, අප වෙත තනි වශයෙන් දායකත්වය දැක්වූ පින්වත් ඔබ සැම වෙත

මෙම පින්කම සදහා සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. ඉගෙන ගන්නා දූ දරුවන් වෙනුවෙන් පොත්පත් ලබා දීම ඔබ සැමට උපදින උපදින භවයක් පාසා එම භවයේදී ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍යය වන ශිල්ප ශාස්ත්‍ර මනාව පිහිටීමට උපකාරී වනු ඇත. ඔබ සියළු දෙනාට ඉතා හොද ධාරණ ශක්තියක් මෙන්ම අධ්‍යාපනයේ විශේෂ කුසලතාවයන් ලැබීම සදහා මෙම පින්කම උපදින උපදින භවයක් පාසා හේතු වාසනා වනු ඇත. එමෙන්ම ගැබිණි මව්වරුන්ට පිහිට වීම හේතුවෙන් උපදින උපදින භවයක් පාසා අංග ප්‍රත්‍යංග නොඅඩු, යහපත්, කීකරු බෝධිසත්ව දරුවන් ඔබ සියළු දෙනාට ලැබේවා !.

සිත පහදවාගන්න. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. ඔබ සැමගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අනන්ත ගුණයෙන් වැඩෙත්වා !!. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

අප වෙත ලබා දුන් ආධාර සැකෙවින් පහත දක්වනු ලැබේ. එම මහත්ම මහත්මීන්ගේ නම් වල වැරදීමක් හෝ නම් සදහන් නොවීමක් හෝ වෙනත් කිසියම් දෝෂයක් අපගෙන් සිදුව ඇත්නම් ඉතා කාරුණිකව සමාව ඇයැද සිටිමු.

 

මුදල් ආධාර

 

නම පරිත්‍යාගය
ජගත් රූපසිංහ මහත්මා 50000
කුෂාන් මහත්මා 15000
ලංකා විදුලි පෞද්ගලික සමාගම කොල්ලුපිටිය (ප්‍රධාන) ශාඛාව 10100
අරුණ මහත්මා 10000
වීරරත්න මහත්මා 10000
චාමර මහත්මා (හේලීස් සමාගම) 10000
කෞශල්‍යා හපුආරච්චි මෙනෙවිය 8000
ගාමිණී මහත්මා 7500
නිමන්ත පෙරේරා 7100
ලංකා විදුලි පෞද්ගලික සමාගම ඒකල ශාඛාව 5900
වරුණ මහත්මා 5000
නිමල් පුණ්‍යසිරි මහත්මා 5000
තිලක් මහත්මා 5000
ප්‍රසන්න මහත්මා 5000
අධිකාරි මහත්මා 5000
හිමල්ෂි මහත්මිය 5000
වසන්ත පතිරණ මහත්මා 5000
නිමිනි පෙරේරා මෙනෙවිය 3000
තිලකරත්න මහත්මා 3000
මොනීෂා මහත්මිය 3000
පූර්ණිම මහත්මා 3000
රුවිනි මහත්මිය 3000
තිලිණි මහත්මිය 3000
දීපාල් මහත්මා 3000
නෙරංජන් මහත්මා 2500
ෂර්වින් ෆොන්සේකා මහත්මා 2000
මැණික් මහත්මිය 2000
අමල් මහත්මා 2000
පරාක්‍රම රණසිංහ මහත්මා 2000
සුදර්ශන මහත්මා 2000
හර්ෂ මහත්මා 2000
දර්ශන මහත්මා 2000
ධර්මදාස මහත්මා 2000
ප්‍රසාදී මහත්මිය 2000
ඉන්දික මහත්මා 2000
සචිත් කළුආරච්චි මහත්මා 1500
දිපානි සුමනරත්න මහත්මිය 1000
පුන්‍යා පෙරේරා මෙනෙවිය 1000
කුමුදිනී පෙරේරා මෙනෙවිය 1000
මධාරා අධිකාරි මෙනෙවිය 1000
අමිල වීරතුංග මහත්මා 1000
පූර්ණිමා මහත්මිය 1000
නුවන් මහත්මා 1000
රසාංග මහත්මා 1000
චිනුත් මහත්මා 1000
සුපුන් මහත්මා 1000
අබේසිංහ මහත්මා 1000
චන්දිමා මහත්මිය 1000
ඉෂාර මහත්මා 1000
චතුරි පෙරේරා මෙනෙවිය 500
ප්‍රියංකර මහත්මා 500
එම්. එන් හනීෆා මහත්මිය 500
එම්. එම් ඉල්හම් මහත්මා 500
චන්ද්‍රා මහත්මිය 500
රත්නසිරි මහත්මා 500
විල්ෆ්‍රඩ් මහත්මා 500
ප්‍රියන්ත මහත්මා 500
   
ලැබුණු මුලු මුදල 230600

 

පොත් පත් සහ වෙනත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි පොත් 348 යි
පූජ්‍ය උඩුදුම්බර විජයකිර්ති හිමි සබන් කැට 100 යි / කුඩ 6 යි / ටූත් පේස්ට් 15 යි / ටූත් බ්‍රෂ් 15 යි / පොත් 22 යි / වටාපත් 6 යි / සිවුරු 6 යි / සාලු 20 යි
පූජ්‍ය විජය මෛත්‍රී හිමි සබන් කැට 24 යි / පෑන් 50 යි / ටූත් බ්‍රෂ් 10 යි / පොත් 7 යි
රාහුල මහත්මා චිත්‍ර පොත් 56
චමින්ද මහත්මා පිටු 80 සී.ආර් පොත් 24
ගාමිණී මහත්මා පිටු 80 පොත් 12
සිරිපාල මහත්මා පිටු 40 චිත්‍ර පොත් 60 යි / රුවන්වැලි මහා සෑ රදුන් වෙත පූජා කිරීමට ඖෂධ කොට්ටය
ලක්ෂ්මන් රූපසිංහ මහත්මා පැස්ටල් පෙට්ටි 60
ශර්මිලා සහ රන්ජන් යන මහත්ම මහත්මීන් පැස්ටල් පෙට්ටි 31
වසන්ත රූපසිංහ මහත්මා පිටු 80 සී. ආර් පොත් 60යි / පිටු 40 චිත්‍ර පොත් 56 යි
නන්දන මහත්මා පිටු 40 චිත්‍ර පොත් 100
නාරායන මහත්මා පිටු 40 චිත්‍ර පොත් 24
ඉමල්කා මහත්මිය පිටු 40 චිත්‍ර පොත් 21යි / පිටු 80 සී.ආර් පොත් 25යි
සිසිර මහත්මා පිටු 40 චිත්‍ර පොත් 24
නලින් මහත්මා පිටු 40 චිත්‍ර පොත් 100
විමර්ෂි මහත්මිය පිටු 160 සී. ආර් පොත් 6
චමෝද් මහත්මා පිටු 40 චිත්‍ර පොත් 16
නිමල් මහත්මා ත්‍රී පෝෂ පැකට් 50
ක්‍රවුන් පුද්ගලික සමාගම (මිනුවන්ගොඩ) පිටු 120 පොත් 120 යි
විද්‍යා විද්‍යාලය (මිනුවන්ගොඩ) පොත් 400
චන්දන පොන්නම්පෙරුම මහත්මා පොත් 200
වසන්ත බණ්ඩාර මහත්මා කුඩ 30 යි
අනුරාධි පෙරේරා මහත්මිය පිටු 120 පොත් 30
ධම්මි පෙරේරා මහත්මිය පිටු 120 පොත් 30
සහන් මහත්මා (සිලෝන් බිස්කට් නැචුරල් ෆුඩ්ස් සමාගම) පිටු 40 පොත් 12 යි / පිටු 80 පොත් 3 යි / පිටු 120 පොත් 4 යි / පිටු 160 පොත් 2 යි / පිටු 40 සී. ආර් පොත් 5 යි / පිටු 80 සී.ආර් පොත් 2 යි / පිටු 120 සී.ආර් පොත් 2 යි / පිටු 160 සී.ආර් පොත් 5 යි / පිටු 400 සී.ආර් පොත් 1 යි
හිමාලී ජිනදාස මෙනෙවිය පිටු 120 පොත් 20 යි / කවකටු පෙට්ටි 5 යි / පෑන් 10 යි
නිමන්ත පෙරේරා පිටු 120 පොත් 30යි / පෑන් 50 යි

 

 

පුස්තකාල පොත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
බෞද්ධ බාලිකා විද්‍යාලය (ගල්කිස්ස) පොත් 1000 යි
කසුරි මහත්මිය පොත් 32 යි
මංජුල පතිරණ මහතාගේ නිවසින් පොත් 110 යි
අයි. ටී. අයි ආයතනයෙන් පොත් 110 යි
චමින්ද මහත්මා පොත් 31 යි
ජයසිංහ මහත්මා පොත් 22 යි
චිත්‍රන් මහත්මා පත්තර 283 යි
රුවන් මහත්මා පොත් 22 යි
අසෝක මහත්මා පොත් 98 යි
බෞද්ධයා නාලිකාව මගින් සගරා 110 යි
රුද්රානි මහත්මිය පොත් 03 යි
ප්‍රභා මහත්මිය පොත් 11 යි
කරුණා මහත්මිය පොත් 31 යි
තිලක් මහත්මා පොත් 198 යි
චන්ද්‍රා මහත්මිය පොත් 152 යි
සුරේකා මහත්මිය පොත් 59 යි
ප්‍රසාදිනී මහත්මිය පොත් 6 යි
චන්දන මහත්මා පොත් 12 යි
අසෝක මහත්මයා සහ කමල් වීරක්කොඩි යන මහත්වරුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ලබා දීම සදහා අ.පො.ස උසස් පෙළ ගණිත සහ ජීව විද්‍යා පොත් / නිබන්දන ලබා දෙන ලදී

 

අප විසින් සිදු කරන ලද මුළු වියදම 325,256 /= වන අතර අපට ලැබුණු මුදල් ආධාර වල එකතුව 230,600 /= ක් වේ. මෙහි ඉතිරි වියදම දරන ලද්දේ මංජුල පතිරණ මහත්මා සහ එම මැතිණිය විසිනි. ඔබ ලබා දෙන මුදල් අප විසින් පින්කම සදහාම යොදනු මිස වෙනත් කිසිම කටයුත්තක් සදහා කිසිවිටකත් යොදනු නොලබන බවද ඉතා කාරුණිකව සිහිපත් කරමු. පින්කමට අදාළ බිල්පත් විශාල ප්‍රමාණයක් තිබුනද ඒවා පල කිරීමට වැඩි අන්තර්ජාල සර්වර් ඉඩක් අවශ්‍ය වන බැවින් බිල්පත් මෙහි පල නොකරන බව කාරුණිකව සලකන්න. ඔබ කිසිවෙකුට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අප හමුවී සියලු බිල්පත් පරීක්ෂා කර බලනු ලබන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අපට මේ පින්කම සදහා උදව් කල නොකළ සෑම දෙනා හට පින් අනුමෝදන් කිරීම පිණිස අති පූජණීය රුවන්වැලි මහා සෑ රදුන් හට පූජාවන් සිදු කොට ඔබ සෑම සියළු දෙනා වෙත පින් අනුමෝදන් කරන ලදී. අපගේ පින්කම සාරාංශ ලෙස දැක ගැනීමට පහත වීඩියෝ නරබන්න.

 

හැකි නම් මෙම සියළුම වීඩියෝ වල තත්වය (QUALITY) HD - 1080P60 ලෙස නරඹන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදු කරන ලද දෙවන පිංකම වන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ තිත්තගෝනෑව විද්‍යාලයේ දූ දරුවන්ට පොත්පත් ලබාදීම, ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට වියලි සළාක සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ලබා දීම මෙන්ම එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමේ මහගු පිංකම පින්වත් ඔබ සැමගේ කාරුණික ආධාර උපකාර හේතුවෙන් 2019 ක් වූ ජනවාරි මස 07 වන දින ඉතා සාර්ථක අන්දමින් අප විසින් සිදු කරන ලදී.

ඒ සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. ඉගෙන ගන්නා දූ දරුවන් වෙනුවෙන් පොත්පත් ලබා දීම ඔබ සැමට උපදින උපදින භවයක් පාසා එම භවයේදී ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍යය වන ශිල්ප ශාස්ත්‍ර මනාව පිහිටීමට උපකාරී වනු ඇත. ඔබ සියළු දෙනාට ඉතා හොද ධාරණ ශක්තියක් මෙන්ම අධ්‍යාපනයේ විශේෂ කුසලතාවයන් ලැබීම සදහා මෙම පිංකම උපදින උපදින භවයක් පාසා හේතු වාසනා වනු ඇත. එමෙන්ම ගැබිණි මව්වරුන්ට පිහිට වීම හේතුවෙන් උපදින උපදින භවයක් පාසා අංග ප්‍රත්‍යංග නොඅඩු, යහපත්, කීකරු බෝධිසත්ව දරුවන් ඔබ සියළු දෙනාට ලැබේවා !.

සිත පහදවාගන්න. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයන් වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

අප වෙත ලබා දුන් ආධාර සැකෙවින් පහත දක්වනු ලැබේ. එම මහත්ම මහත්මීන්ගේ නම් වල වැරදීමක් හෝ නම් සදහන් නොවීමක් හෝ වෙනත් කිසියම් දෝෂයක් අපගෙන් සිදුව ඇත්නම් ඉතා කාරුණිකව සමාව ඇයැද සිටිමු.

 

මුදල් ආධාර

 

නම

පරිත්‍යාගය

කුෂාන් මහතා

15,000/=

සම්පත් මහතා

13,000/=

වරුණ මහතා

10,000/=

ප්‍රසාදිනී මෙනෙවිය

10,000/=

රුවිනි මෙනෙවිය

10,000/=

අජිත් පොන්නම්පෙරුම මහතා

10,000/=

හිමල්ෂි මෙනෙවිය

10,000/=

තිලිණි මෙනෙවිය

5,000/=

සුදර්ශන මහතා

5,000/=

රාහුල මහතා

5,000/=

නිමන්ත පෙරේරා

5000/=

රණසිංහ මහතා

4,250/=

චිත්ත්‍රානන්ද මහතා

3,000/=

පූර්නිම මහතා

2,500/=

යසාරා මෙනෙවිය

2,000/=

මොනිෂා මෙනෙවිය

2,000/=

සුපුන් මහතා

2,000/=

දර්ශන මහතා

 

2,000/=

ප්‍රසන්න මහතා

2,000/=

හර්ෂ මහතා

2,000/=

පූර්නී මෙනෙවිය

1,500/=

ජයන්ති සෙනෙහෙලතා මහත්මිය

1000/=

ප්‍රේමලතා මැණිකේ මහත්මිය

1000/=

ප්‍රදීප් රොහාන් මහතා

1000/=

අනුරුද්ධ ඉරෝෂන් මහතා

1000/=

දීපානි සුමනරත්න මහත්මිය

1000/=

තිලක් සුමනරත්න මහතා

1000/=

පුණ්‍යා පෙරේරා මහත්මිය

1000/=

චතුරි පෙරේරා මෙනෙවිය

1000/=

නිමේශ කාලිංග මහතා

1000/=

කුමුදුනී පෙරේරා මෙනෙවිය

1000/=

කාන්ති මහත්මිය (යාගොඩමුල්ල)

500/=

නිලාන් චමින්ද මහතා

500/=

තිලකරත්න මහතා (යාගොඩමුල්ල)

500/=

දම්මි පෙරේරා මහත්මිය

500/=

ජයසංඛ නිපුන් මහතා

300/=

ඩබ්ලිව්. ජේ පෙරේරා මහතා

200/=

කවීෂා ආමන්දි මෙනෙවිය

100/=

සසිදු විහන්ග්‍යා මෙනෙවිය

100/=

දේදු නවෝද්‍යා මෙනෙවිය

100/=

හිරුෂි මෙනෙවිය (යාගොඩමුල්ල)

100/=

තිලිණි පල්ලාවල මෙනෙවිය

100/=

මංජුලා විජේමාන්න මහත්මිය

100/=

ඩිලාන් ප්‍රනාන්දු මහතා

100/=

ඩබ්ලිව්. විජේමාන්න මහත්මිය

100/=

අසංකා සංජීවනී මහත්මිය

100/=

මුළු එකතුව

134,650/=

 

පුස්තකාල පොත් පරිත්‍යාග

 

නම

පරිත්‍යාගය

මංජුල පතිරණ මහතාගේ නිවසින්

පොත් 208යි

මංජරී දියණිය

පොත් 138යි

පොත් ප්‍රදර්ශනය (මිලදී ගත් පොත්)

පොත් 132යි

සිසිර කුමාර මහතා

පොත් 111යි

නාරායන මහතා

පොත් 97යි

බෞද්ධයා නාලිකාව

පොත් 75යි

තිලකරත්න මහතා

පොත් 66යි

කුමුදුනී මෙනෙවිය

පොත් 60යි

චමින්ද මහතා

පොත් 60යි

මිනුවන්ගොඩ රෝහල

පොත් 51යි

හිරන්ති මෙනෙවිය

පොත් 45යි

කරුණානන්ද මහතා

පොත් 35යි

නිර්මලී මෙනෙවිය

පොත් 31යි

චන්දන මහතාගේ අක්කා ??

පොත් 30යි

රණසිංහ මහතා

පොත් 16යි

හිමල්ෂි මෙනවිය

පොත් 15යි

රෝශිකා මෙනෙවිය

පොත් 15යි

සාරංගි මෙනෙවිය

පොත් 13යි

කළු අක්කා(ඩයස් මහතාගේ අක්කා)

පොත් 13යි

කසුරි මෙනෙවිය

පොත් 08යි

සජිවිකා මෙනෙවිය

පොත් 05යි

මුළු එකතුව

පොත් 1224යි

 

 

ළමුන් සදහා පාසැල් ලිපි ද්‍රව්‍යය ආධාර

 

 

නම

පරිත්‍යාගය

පුජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි

පොත් 736යි , පෑන් 300යි

පුජ්‍ය මෛත්‍රී ස්වාමීන්වහන්සේ

පොත් 24යි

ලක්ෂ්මි මහත්මිය

පොත් 500යි

මංජරී දියණිය

පෑන් 1000යි

ලක්ෂ්මන් මහතා

පැස්ටල් පෙට්ටි 64යි

ගාමිණී මහතා

පොත් 24යි

චමින්ද මහතා

සී. ආර් පොත් 39යි

සිරිපාල මහතා

චිත්‍ර පොත් 70යි, පැන්සල් 60යි

නිශාන්ත සහ මේධා යන මහත්ම මහත්මීන්

පොත් 34යි

රන්ජන් සහ ශමිලා යන මහත්ම මහත්මීන්

පැස්ටල් පෙට්ටි 20යි

කළු අක්කා(ඩයස් මහතාගේ අක්කා)

පොත් 41යි

හේමපාල මහතා

පොත් 12යි

නාරායන මහතා

කවකටු පෙට්ටි 4යි

ලහිරු මහතා

පෑන් 3යි, පැන්සල් 12යි

 

අප විසින් සිදු කරන ලද මුළු වියදම 174,315 /= වන අතර අපට ලැබුණු මුදල් ආධාර වල එකතුව 134,650 /= ක් වේ. ප්‍රවාහන වියදමද අප විසින් දරන ලද අතර පින්කම සදහා ඔබ ලබා දෙන මුදල් අප විසින් පින්කම සදහාම යොදනු මිස වෙනත් කිසිම කටයුත්තක් සදහා කිසිවිටකත් යොදනු නොලබන බවද ඉතා කාරුණිකව සිහිපත් කරමු.පින්කමට අදාළ බිල්පත් විශාල ප්‍රමාණයක් තිබුනද ඒ සියල්ලක්ම පල කිරීමට වැඩි අන්තර්ජාල සර්වර් ඉඩක් අවශ්‍ය වන බැවින් බිල්පත් කිහිපයක් පමණක් මෙහි පල කරනු ලැබේ. ඔබ කිසිවෙකුට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අප හමුවී සියලු බිල්පත් පරීක්ෂා කර බලනු ලබන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අප විසින් අපට මේ පින්කම සදහා උදව් කල නොකළ සෑම දෙනා හට පින් අනුමෝදන් කිරීම පිණිස අති පුජනීය රුවන්වැලි මහා සෑ රදුන් හට පූජාවන් සිදු කොට ඔබ සෑම සියළු දෙනා හට පින් අනුමෝදන් කරන ලදී. අපගේ පින්කම සාරාංශ ලෙස දැක ගැනීමට පහත වීඩියෝව නරබන්න.

 

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදු කරන ලද මංගල පිංකම වන, හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු ආරාමය වෙත බෙහෙත් ද්‍රව්‍යය සහ වෙනත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යය ලබා දීම, 2018 වර්ෂයේ මාර්තු මස පළමු දින (මැදින් පෝදා) පින්වත් ඔබ සැමගේ මහගු දායකත්වයෙන් අති සාර්ථක අන්දමින් සිදු කරන ලදී.  ඒ සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. අප විසින් බටහිර, ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍යය වලට අමතරව වෙනත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යය පූජා කරන ලදී.

අප ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නීරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග තැන්පත් මහරහතන් වහන්සේ වන්නේ බක්කුල මහ රහතන් වහන්සේය. උන්වහන්සේ 160 වසරක් ආයු වින්දනය කළහ. 80 වසරක් ගිහිගෙයිද, 80 වසරක් පැවිදි ජිවිතයෙහිද වැඩ සිටි උන්වහන්සේට ස්වල්ප වූද රෝගයක් ඇති නොවීය. ඒ උන්වහන්සේ පෙර භවයන් වල නීරෝගී සැප ලැබීම සදහා පින් කර තිබූ බැවිනි.

 අප විසින් සිදු කරන ලද මෙම පින්කමට දායක වූ පින්වත් ඔබ සැමද මූලිකවම නීරෝගී බව ලැබීම පිණිස(සාමාන්‍යයෙන් පින්කමකින් එහි ප්‍රධාන පුණ්‍ය ඵලයට අමතරව වෙනත්, ඉතා විශාල ආනිසංස රාශියක් ලබා දෙනු ලැබේ) සිදු කරගන්නා ලද මහගු පුණ්‍ය කර්මයක් සිදු කරගන්නා ලදී. සිත පහදවාගන්න. ඔබ සැමට නිවන් දක්නා තුරු බක්කුල මහ රහතන් වහන්සේට මෙන් කිසිදු රෝගයක් නොවැලදේවා !. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයන් වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

 අය

නම

පරිත්‍යාගය

කෞශල්‍යා හපුආරච්චි මෙනෙවිය

 

8000/=

මංජුල පතිරණ මහත්මයා

5000/=

චානක පතිරණ මහත්මයා

5000/=

හර්ෂ සමරවික්‍රම මහත්මයා

5000/=

කේ. රානි පෙරේරා මහත්මිය

5000/=

ලක්ෂ්මී මහත්මිය

3110/=

රුවින් රොෂාන් මහත්මයා

2150/=

දිල්රුක්ෂි මහත්මිය (ජාතික විද්‍යා පදනම)

2100/=

චමින්ද මද්දුමගේ මහත්මයා

2000/=

එච්. ආර්. පෙරේරා මහත්මයා

1500/=

ඩබ්ලිව්. එන් ෆිලීෂියන් ෆර්නෑන්ඩෝ මහත්මයා

1000/=

කේ. පී විමලසේන මහත්මයා

1000/=

අයි. විජේවික්‍රම මහත්මයා

1000/=

කුමුදුනී සුගතපාල මහත්මිය

1000/=

නන්දුලා රස්නායක මෙනෙවිය

1000/=

සදුන් ගුණතිලක මහත්මයා

1000/=

රවිදු කළුආරච්චි  මහත්මයා සහ විජානි පියවර්ධන මෙනෙවිය

1000/=

යෝෂිතා බුද්ධිනී මෙනෙවිය

500/=

ඉෂානි බාලසූරිය මෙනෙවිය

500/=

එස්. චන්ද්‍රකාන්ති මහත්මිය

500/=

හරිනි ප්‍රතිභා දියණිය

500/=

ඒ. කේ යටිගම්මන මහත්මයා

500/=

අනෝමා ගිනිගේ මහත්මිය

500/=

ඩබ්ලිව්. එන්. යූ විජේසිංහ මහත්මයා

500/=

කේ. ඩී. සී ජයසිංහ මහත්මයා

500/=

කාංචනා, තුසිතා සහ චන්දන යන මහත්ම මහත්මීන්

500/=

කේ. ඒ යසාන් චින්තක මහත්මයා

500/=

එච්. එන්. එච් පෙරේරා

500/=

මාලක මහත්මයා(යාගොඩමුල්ල)

300/=

ජනිත් කැළුම් ඒකනායක මහත්මයා

300/=

නිමිනි පෙරේරා මෙනෙවිය

250/=

ඩබ්ලිව්. ජේ. ඒ. ආර්. බී ජයසූරිය මහත්මයා

200/=

ආර්. එම්. ජේ බණ්ඩාර මහත්මයා

200/=

එච්. ඒ. බී. පී වික්‍රමපාල මහත්මයා

200/=

එම්. ඒ. ආර් උපාලි මහත්මයා

200/=

එල්. ජී. එස් කැළුම් මහත්මයා

200/=

ජී. එම්. ඩී. එස් දයාරත්න මහත්මයා

200/=

එස්. හිල්ටන් මහත්මයා

200/=

කේ. ටී. ඩබ්ලිව් ලක්මන්ත මහත්මයා

200/=

ඒ. පී බන්දුල මහත්මයා

200/=

ඩී. බී විජේසිංහ මහත්මයා

200/=

කේ. ඩබ්ලිව් සිරිරත්න මහත්මයා

200/=

ටී. ඩී විතාන මහත්මයා

200/=

එච්. එච්. කේ. ඒ. එස්  කුමාර මහත්මයා

200/=

පී. එෆ්. එන්. ඩී ප්‍රනාන්දු මහත්මයා

200/=

ඉමේෂා නිවන්ති මෙනෙවිය

200/=

සරත් ධර්මසිරි මහත්මයා

100/=

දයා කිත්සිරි මහත්මයාට පින් පිණිස එස්. චන්ද්‍රකාන්ති මහත්මිය

100/=

බුද්ධිකා ගුණරත්න  මෙනෙවිය

100/=

ජී. පී. ටී. ඩී නානායක්කාර මෙනෙවිය

100/=

ධනුෂ්ක ප්‍රේමචන්ද්‍ර මහත්මයා

100/=

රසික මංජුජීව මහත්මයා

100/=

කසුන් රාජකරුණා මහත්මයා

100/=

ඉසුරු ගජසිංහ මහත්මයා

100/=

මැටිල්ඩා රත්නායක මහත්මිය

පිරිකර පූජාවක් කරන ලදී

එකතුව

56,010/=

 

වැය

කාරණය

වියදම් කල මුදල

බෙහෙත් සදහා

1060 + 10,577 + 3430 + 5576 + 11,440 = 32,083/=

බක්කුල මහා සෑය ඉදිකිරීම සදහා ආධාර

10,000/=

ගිලන් භික්ෂු උපස්ථාන කටයුතු සදහා ආධාර

14,000/=

එකතුව

56,083/=

 

වැඩිපුර වියදම් වී ඇති රුපියල් 73 ක මුදල පින්කම සම්පූර්ණ කිරීම සදහා එනම් ඔබ විසින් දෙන ලද ආධාර වලින් රුපියලක් හෝ ඉතුරු නොවනු පිණිස මංජුල පතිරණ මහතා විසින් ඔහුගේ මුදලින් එම මුදල යොදවා සියළුම ආධාර වලින් අවශ්‍ය ද්‍රව්‍යය මිලදී ගෙන අවසන් කරන ලදී. කරුණාකර වැය තහවුරු කරගැනීම සදහා අමුණා ඇති බිල්පත් පරීක්ෂා කරන්න.

ඉරිදා, 21 ජනවාරි 2018 20:37

ශ්‍රී සද්ධර්ම පදනම

අපගේ අනුශාසනය පරිදි පින්වත් සිංහල බෞද්ධ මහත්වරු කිහිප පොලකගේ මුලිකත්වයෙන් අරඹන ලද ශ්‍රී සද්ධර්ම පදනම වනාහි ශ්‍රී ලංකා ද්වීපවාසී සිංහල බෞද්ධ ප්‍රජාව වසර දහස් ගණනක් විවිධ විදේශ ආක්‍රමණ හා ස්වභාවික විපත් ආදී අනේක ප්‍රකාර දුෂ්කරතා මැද ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් මහා භාරත දේශයේ පහල වූ ලොව අසහාය විමුක්ති දායකයාණන් වන ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලෝක වාසී සහෝදර මානව ප්‍රජාවට දායාද කිරීම පරමාර්ථය කොටගත්, පරාර්ථකාමිත්වය හා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් මෙම ධරණී තලය මත සුරක්ෂිත කර ගැනීමේ උදාර සංකල්පනාවන්ගෙන් යුතුව ස්ථාපිත කල පදනමක් බව ලෝකවාසී සහෝදර මානව ප්‍රජාවට ගෞරව පූර්වකව සිහිපත් කරමි.

මානව සංහතියේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කරන, මානව වර්ගයා ඇතුළු සකල සත්ව ප්‍රජාවන්හි සැපය හා අභිවෘද්ධිය පතන උත්තරීතර ධර්මයකි බුදු දහම. ජාතිය, කුලය, වර්ණය, භාෂාව සහ ආගම ආදියෙන් සත්වයා උසස් හෝ පහත් නොවන බව ප්‍රකට කල, වදාළ බුදුරජාණෝ එක්දරු මවක් සිය ප්‍රාණය දෙවැනි කොට තම එකම දරුවා රකින්නාක් මෙන් සියළු සත්ව ප්‍රජාව කෙරෙහි මිත්‍රත්වය පතුරුවා වාසය කළයුතු බව වදාළහ.

මනුෂ්‍ය සංහතියේ ආශ්චර්‍යමත් පුරුෂෝත්තමයාණන් වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට වදාළ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කොට අනාගත මානව ප්‍රජාවට දායාද කිරීම සමස්ථ මානව ප්‍රජාවගේම දැවැන්ත වගකීම බව අප පදනමේ හැගීමයි.එකී යුතුකම යථාර්තයක් කරගනු වස් ශාන්තිනායක ලෝකනායකයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවත්වාගෙන යනු ලබන අප දේශයේ විවිධ දුෂ්කරතා ඇති පළාත්වල පිහිටා ඇති බෞද්ධ වෙහෙර විහාර, සංඝාරාම, දහම් පාසැල් වැඩි දියුණු කිරීම අප පදනමේ අපේක්ෂාවයි.

තවද බුදුදහමේ මූලික අරමුණ වන සත්වයාගේ සුවපත් බව පරමාදර්ශය කොටගෙන අපගේ ශ්‍රී ලංකා ද්වීපයේ අනේක දුෂ්කරතා නිසා පීඩාවට පත් සහෝදර ජනතාවට උපකාර කිරීම සහ අප දේශයේ බෞද්ධ ප්‍රජාව බෞද්ධ දර්ශණයට අනූව පවත්වන පුණ්‍ය කර්ම සදහා ලෝකවාසී සහෝදර ජනතාව දායක කර ගැනීම යන අරමුණ පාදක කොටගෙන අප පදනම ශක්තිමත් කර ගනිමින් අප පදනමේ ඉහතින් සදහන් අරමුණු යථාර්තයක් කර ගැනීම පිණිස ලෝකවාසී මානව සංහතියේ අභිවෘද්ධිය සහ ශ්‍රේෂ්ඨත්වය ප්‍රාර්ථනා කරන සහෝදර ලෝකවාසී මහත්ම මහත්මීන්ට ගෞරව පෙරදැදිව ආරාධනා කරමි.

සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා !

මෙයට,

පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි.

බ්‍රහස්පතින්දා, 06 ජූලි 2017 02:21

අරමුණ

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vivamus id gravida arcu, quis vestibulum ex. Vivamus pretium laoreet quam facilisis ultricies. Nulla ac scelerisque tortor, non tempus ex. Proin velit enim, feugiat et enim non, sagittis tincidunt tellus. Nullam ex sem, elementum sed tempor eu, suscipit in ante. Interdum et malesuada fames ac ante ipsum primis in faucibus. Pellentesque ullamcorper quis lectus eget efficitur. Morbi sit amet mi velit. Curabitur malesuada eu massa eu tristique. Nulla dapibus ante eu elementum ultricies.

Vestibulum accumsan hendrerit augue eget rutrum. Mauris sed magna malesuada, pharetra tortor eget, consectetur metus. Mauris eu lorem efficitur, dapibus turpis eu, accumsan odio. Aenean quis sem lacus. Suspendisse elementum justo vel neque tristique, eu ultricies est vulputate. Proin venenatis velit in posuere eleifend. Nunc semper vehicula tortor id dignissim. Nullam consectetur varius accumsan. Nullam sed lectus ligula. Proin lacus nunc, rhoncus in ligula eu, efficitur tristique orci. Duis risus nulla, vehicula vel semper feugiat, placerat sit amet risus. Vestibulum at purus dolor. Quisque convallis tristique metus sit amet fringilla. Suspendisse porta id lacus placerat scelerisque. Morbi sagittis, diam sed placerat rutrum, eros eros vehicula ligula, quis suscipit diam lorem ut odio.

Suspendisse sed blandit nisi, at mollis purus. Etiam quis neque justo. Maecenas vulputate ultrices ornare. Maecenas luctus elit at purus vestibulum, nec facilisis quam porttitor. Vivamus quis felis augue. Duis fringilla nec leo a aliquet. Proin turpis velit, rutrum at dolor a, bibendum euismod nibh. Praesent eget tristique tortor. Mauris tempor augue malesuada, ullamcorper diam et, consequat magna. Phasellus iaculis elementum nibh, nec aliquam ante efficitur et. Nunc libero erat, euismod venenatis nisl non, pharetra accumsan nunc. Vivamus nec dolor tortor.

Suspendisse volutpat urna efficitur elit tempor elementum. Aenean hendrerit pellentesque turpis, quis convallis urna dignissim vitae. Integer vitae neque a ligula luctus varius at ac dui. Integer eget massa turpis. Cras fermentum dolor vitae neque ullamcorper ornare. Fusce ex dolor, congue a congue sed, venenatis eu ex. Sed faucibus tempor justo, quis convallis dolor lacinia vel. Proin eget dui pulvinar neque lacinia hendrerit.

Curabitur tincidunt quis lectus a ullamcorper. Aenean posuere lectus tellus, vitae placerat velit dictum eu. Suspendisse sed mattis dolor. Aliquam pretium eu massa vitae dictum. Cras sed sagittis odio. Donec dapibus ante nec imperdiet varius. Nulla orci neque, imperdiet a convallis at, bibendum volutpat ex. Sed maximus molestie magna nec euismod. In lacinia risus ut velit elementum egestas. Nulla risus lorem, finibus eu tortor ut, tincidunt ornare velit. Phasellus ut nisi eget neque gravida dignissim. Cras dictum eros scelerisque, suscipit tortor posuere, finibus lacus.

බ්‍රහස්පතින්දා, 06 ජූලි 2017 02:21

දැක්ම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vivamus id gravida arcu, quis vestibulum ex. Vivamus pretium laoreet quam facilisis ultricies. Nulla ac scelerisque tortor, non tempus ex. Proin velit enim, feugiat et enim non, sagittis tincidunt tellus. Nullam ex sem, elementum sed tempor eu, suscipit in ante. Interdum et malesuada fames ac ante ipsum primis in faucibus. Pellentesque ullamcorper quis lectus eget efficitur. Morbi sit amet mi velit. Curabitur malesuada eu massa eu tristique. Nulla dapibus ante eu elementum ultricies.

Vestibulum accumsan hendrerit augue eget rutrum. Mauris sed magna malesuada, pharetra tortor eget, consectetur metus. Mauris eu lorem efficitur, dapibus turpis eu, accumsan odio. Aenean quis sem lacus. Suspendisse elementum justo vel neque tristique, eu ultricies est vulputate. Proin venenatis velit in posuere eleifend. Nunc semper vehicula tortor id dignissim. Nullam consectetur varius accumsan. Nullam sed lectus ligula. Proin lacus nunc, rhoncus in ligula eu, efficitur tristique orci. Duis risus nulla, vehicula vel semper feugiat, placerat sit amet risus. Vestibulum at purus dolor. Quisque convallis tristique metus sit amet fringilla. Suspendisse porta id lacus placerat scelerisque. Morbi sagittis, diam sed placerat rutrum, eros eros vehicula ligula, quis suscipit diam lorem ut odio.

Suspendisse sed blandit nisi, at mollis purus. Etiam quis neque justo. Maecenas vulputate ultrices ornare. Maecenas luctus elit at purus vestibulum, nec facilisis quam porttitor. Vivamus quis felis augue. Duis fringilla nec leo a aliquet. Proin turpis velit, rutrum at dolor a, bibendum euismod nibh. Praesent eget tristique tortor. Mauris tempor augue malesuada, ullamcorper diam et, consequat magna. Phasellus iaculis elementum nibh, nec aliquam ante efficitur et. Nunc libero erat, euismod venenatis nisl non, pharetra accumsan nunc. Vivamus nec dolor tortor.

Suspendisse volutpat urna efficitur elit tempor elementum. Aenean hendrerit pellentesque turpis, quis convallis urna dignissim vitae. Integer vitae neque a ligula luctus varius at ac dui. Integer eget massa turpis. Cras fermentum dolor vitae neque ullamcorper ornare. Fusce ex dolor, congue a congue sed, venenatis eu ex. Sed faucibus tempor justo, quis convallis dolor lacinia vel. Proin eget dui pulvinar neque lacinia hendrerit.

Curabitur tincidunt quis lectus a ullamcorper. Aenean posuere lectus tellus, vitae placerat velit dictum eu. Suspendisse sed mattis dolor. Aliquam pretium eu massa vitae dictum. Cras sed sagittis odio. Donec dapibus ante nec imperdiet varius. Nulla orci neque, imperdiet a convallis at, bibendum volutpat ex. Sed maximus molestie magna nec euismod. In lacinia risus ut velit elementum egestas. Nulla risus lorem, finibus eu tortor ut, tincidunt ornare velit. Phasellus ut nisi eget neque gravida dignissim. Cras dictum eros scelerisque, suscipit tortor posuere, finibus lacus.

බ්‍රහස්පතින්දා, 06 ජූලි 2017 01:26

පදනම, ව්‍යවස්ථාව සහ නීති රීති

ශ්‍රී සද්ධර්ම පදනම

පදනම, ව්‍යවස්ථාව සහ නීති රීති

මූලස්ථානය - ශ්‍රී ලංකාව

ආරම්භය - ___________________________

ලියාපදිංචි අංකය - _____________________

පදනමේ නම

ශ්‍රී සද්ධර්ම පදනම යනුවෙන් මෙම පදනම හැදින්වෙන්නේය

ලිපිනය

ශ්‍රී සද්ධර්ම පදනම,

(ශ්‍රී ලංකා මූලස්ථානය)

ශ්‍රී ශෛලබිම්බාරාමය,

යාගොඩමුල්ල,

කොටුගොඩ.

දුරකථන අංක

ප්‍රධාන කාර්යාලය :

විධායක අධීක්ෂක :

සභාපති :

ලේකම් :

භාණ්ඩාගාරික :

විගණකාධිපති :

 

  1. තේමාව සහ පරමාර්ථය

    ලොව අසහාය ශාස්තෘන්වහන්සේ වූ බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍යය වූ අති උත්තරීතර ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වමු යන තේමාව යටතේ මෙම පදනම ආරම්භ කරනු ලබන්නේය. මෙම දක්වන ලද තේමාව යටතේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය නිවැරදි ලෙස ලෝකයට දායාද කිරීමත්, බුදු දහමේ චිරස්ථිතිය පිණිස කටයුතු කිරීමත්, අප ලොවුතුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව අසරණ සත්වයන් වෙත පිහිටවීමත්, ලෝකයට සියළු යහපත උදාකිරීමත් මෙම පදනම පරමාර්ථ කොට සිටී. ඒ අනූව ධර්මය බෙදා හැරීමේ උතුම් වූ පුණ්‍ය කර්මය මෙන්ම මෙම පදනම සම්බන්ධ සියළු කටයුතු අප වෙබ් අඩවිය වූ srisaddharma.com තුලින් සම්බන්ධීකරණය කරනු ලැබේ.

  2. පදනමෙන් සිදුවන සේවාවන්
  • ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද උතුම් සිද්ධස්ථාන වල බෝමළු, විහාර, චෛත්‍යය, වැසිකිලි, කැසිකිලි,දාන ශාලා සහ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම.
  • බෞද්ධ සිද්ධස්ථාන වල ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය.
  • බෞද්ධ සිද්ධස්ථාන වලට අවශ්‍යය බණ පොත්, ත්‍රිපිටක ග්‍රන්ථ සහ වෙනත් අධ්‍යාපනික ද්‍රව්‍යය ලබා දීම.
  • බෞද්ධ සිද්ධස්ථාන වලට අවශ්‍යය ආහාර පාන, බෙහෙත්, සනීපාරක්ෂක ද්‍රව්‍යය සහ වෙනත් සියළු අවශ්‍යතාවයන් ඉටු කරදීම.
  • බෞද්ධ සිද්ධස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීම සදහා ශ්‍රමදාන පැවැත්වීම.
  • බෞද්ධ ධර්මය නගා සිටුවීම සදහා බෞද්ධ පුස්තකාල තෝරාගත් ප්‍රදේශයන්හි පිහිටුවීම.
  • බෞද්ධ ධර්මය මනුෂ්‍යය ප්‍රජාවට නිවැරදිව ලබාදීම සදහා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් පැවැත්වීම.
  • බෞද්ධ සිද්ධස්ථාන වලට එමෙන්ම බෞද්ධ ධර්මය ඉගැන්වීම සිදුකරන දහම් පාසල්, පිරිවෙන් ආදී ස්ථාන වලට අවශ්‍යය සියළුම ද්‍රව්‍යමය උපකාර සිදු කිරීම.
  • බෞද්ධ සිද්ධස්ථාන වලට, දහම් පාසල් සහ පිරිවෙන් යනාදී සියළු ස්ථාන වලට අවශ්‍යය ශ්‍රම දායකත්වය ලබාදීම.
  • දහම් පාසැල් දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමට දහම් පත්‍රිකා, ධර්ම පුස්තක ලබා දීම.
  • දහම් පාසැල් වලට අවශ්‍යය අභිධර්මය, පාලි සහ වෙනත් මාතෘකා යටතේ විස්තරාත්මක විග්‍රහයයන්, දහම් දැනුම පරීක්ෂණ අප වෙබ් අඩවිය තුලින් ලබාදීම.
  • තෝරාගත් අසරණ මනුෂ්‍යයන් හට නිවාස සාදා දීම, අමුද්‍රව්‍යය සැපයීම, වියළි සලාක ලබා දීම, ඇදුම් ලබා දීම, ජලය ලබා දීම,විදුලිය ලබා දීම සහ ඔවුන්ගේ ආර්ථිකය නැංවීම සදහා අවශ්‍යය දායකත්වය ලබාදීම.
  • ගැබිණි මව්වරුන් සදහා කිරිපිටි, සමපෝෂ සහ වෙනත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යය ලබා දීම.
  • පාසැල් යන අසරණ ළමුන් සදහා පොත්‍පත්, බෑග්, පෑන්, පැන්සල්, සපත්තු සහ වෙනත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යය ලබාදීම.
  • දුෂ්කර පාසැල් වලට අවශ්‍යය බුද්ධ මන්දිර, පුස්තකාල, වැසිකිලි, කැසිකිලි සහ වෙනත් ගොඩනැගිලි සාදා ගැනීම සදහා මුල්‍යමය සහ ශ්‍රම දායකත්වය ලබා දීම.
  • සත්ව ප්‍රජාවට වැදගත් වූ දේශනා, එනම් යහපත් සෞඛ්‍යමය පුරුදු, යහපත් ජිවිතයක් පවත්වා ගැනීම සහ තිරිසන් සතුන්ට කරුණාවෙන් සැලකීම යනාදී මාතෘකා ඔස්සේ දේශනා පැවැත්වීම.
  • තෝරාගත් විවිධ ප්‍රදේශවල වටිනාකමින් යුත් ගස්වැල් වැවීම සහ ඒ සදහා අවශ්‍යය මුල්‍යමය සහ ශ්‍රම දායකත්වය ලබාදීම.
  • වැඩිහිටි නිවාස සදහා අවශ්‍යය මුල්‍යමය සහ ශ්‍රම දායකත්වය ලබාදීම.
  • රෝහල් සදහා අවශ්‍යය මුල්‍යමය සහ ශ්‍රම දායකත්වය ලබාදීම මෙන්ම ගිලන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍යය බෙහෙත් ද්‍රව්‍යය ලබාදීම, උන්වහන්සේලාට මෙන්ම සියළු රෝගීන්ට, රෝගී තිරිසන් සතුන්ට ඇප උපස්ථාන කිරීම සහ සියළු ගිලන් සත්වයන්ට අවශ්‍යය ද්‍රව්‍යමය ආධාර ලබාදීම, ඔවුන් සුවපත් කිරීම.
  • මේ කියන ලද්දා වූ සත්කාර්යන් වලට අමතරව පින්, කුසල් වශයෙන් සැලකෙන්නා වූ සියළු සත්වයන්ට යහපතක් වන්නා වූ සියළු කාර්යයන් මෙම පදනම මගින් සිදු කෙරෙනු ඇත.
  1. පදනම පරිපාලනය වන තනතුරු
  • විධායක අධ්‍යක්ෂක : අති පුජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි
  • සභාපති :
  • ලේකම් :
  • භාණ්ඩාගාරික :
  • විගණකාධිපති :
  • කමිටු සාමාජිකයින් :
  1. පදනමේ පරිපාලනය

    විධායක අධ්‍යක්ෂක දූරයට සියළු බලතල හිමිය. විධායක අධ්‍යක්ෂක දූරයට සියළු යෝජනා සහ සියළු ප්‍රතිපක්ෂ වීම් නිශේධනය කිරීමේ බලය සතුය. යම්කිසි පුණ්‍ය කර්මයක් හෝ ආධාර කිරීමක් සදහා පදනමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා විට, ඒ සදහා විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අයගේ අත්සන සහිත අයවැය වාර්තාවක් තිබිය යුතුය. කිසිම විටක මෙම සදහන් අයගේ අත්සන රහිතව බැංකු ගිණුමෙන් මුදල් ලබා ගත නොහැකිය. එම අදාළ පුණ්‍ය කර්මය හෝ ආධාර කිරීම සිදු කිරීමෙන් පසු විගණකාධිපති විසින් එම අයවැය වාර්ථාව නිවැරදි බවට තහවුරු කල යුතුය.

    යම්කිසි අවස්ථාවක රජයේ විගණන පරීක්ෂණයකදී අදාළ දිනය දක්වා වූ සියළු අයවැය වාර්තාවන් සහ විගණන වාර්ථාවන් ලබා දීමට පිලිවෙලින් භාණ්ඩාගාරික සහ විගණකාධිපති බැදී සිටී.

    විධායක අධ්‍යක්ෂක දූරයට අනෙක් සියළු තනතුරු පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ඇත. සභාපති සහ ලේකම් දූරයට කමිටු සාමාජිකයින් පත් කිරීමේ, ඉවත් කිරීමේ බලය ඇත. පදනමේ චිරස්ථිතිය සදහා නව යෝජනා ඉදිරිපත් කිරීමේදී එම යෝජනා සභාපති සහ ලේකම් දූරයන්ගේ අත්සන් සහිතව විධායක අධ්‍යක්ෂක වෙත ඉදිරිපත් කර අත්සන් සහිතව අවසර ලබා ගත යුතු වේ.
  1. විධායක අධ්‍යක්ෂක දූරය සතු බලතල සහ වගකීම්
  • සියළු විධායක බලය හිමිය. එනම් සියළු යෝජනා, ප්‍රතිපක්ෂ වීම් නිශේධනය කිරීමේ බලය හිමිය.
  • සියළු තනතුරු ඒකමතිකව පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය හිමිය.
  • පදනමේ ඕනෑම කටයුත්තක් සදහා අවසර දීමේ හෝ නොදීමේ බලය හිමිය.
  • පදනමේ කිසිදු කටයුත්තක් විධායක අධ්‍යක්ෂකගේ අත්සන රහිතව ක්‍රියාවට නැංවිය නොහැකියි.
  • යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ආධාරයකට පදනමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා විට, එයට විරුද්ධ නම්, මුදල් ලබාගැනීමේදී ඉදිරිපත් කලයුතු අයවැය වාර්තාවට අත්සන් නොතබා සිටීමේ බලය හිමිය.
  • සියළු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් බාරගත හැකිය.
  • අවශ්‍යය අවස්ථාවකදී පදනමේ සාමාජික රැස්වීමක් කැදවීමේ බලය හිමිය.
  1. සභාපති දූරය සතු බලතල සහ වගකීම්
  • අවශ්‍යය අවස්ථාවකදී පදනමේ සාමාජික රැස්වීමක් කැදවීමේ බලය හිමිය.
  • පදනමේ කමිටු සාමාජිකයින් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය හිමිය.
  • යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ආධාරයකට පදනමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා විට, එයට විරුද්ධ නම්, මුදල් ලබාගැනීමේදී ඉදිරිපත් කලයුතු අයවැය වාර්තාවට අත්සන් නොතබා සිටීමේ බලය හිමිය.
  • සියළු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් බාරගත හැකිය.
  • විධායක අධ්‍යක්ෂක දූරය පවරන කාර්‍යයන් ක්‍රියාත්මක කිරීමේ බලය ඇත.
  1. ලේකම් දූරය සතු බලතල සහ වගකීම්
  • විධායක අධ්‍යක්ෂක දූරයේ අනුමැතිය සහිතව වෙනත් පාර්ශව සමග ලිඛිත සන්නිවේදනයන් සිදුකල හැකිය.
  • යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ආධාරයකට පදනමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා විට, එයට විරුද්ධ නම්, මුදල් ලබාගැනීමේදී ඉදිරිපත් කලයුතු අයවැය වාර්තාවට අත්සන් නොතබා සිටීමේ බලය හිමිය.
  • සියළු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් බාරගත හැකිය.
  • විධායක අධ්‍යක්ෂක දූරය පවරන කාර්‍යයන් ක්‍රියාත්මක කිරීමේ බලය ඇත.
  • පදනමේ සිදුවන සියළුම සිදුවීම් ලේඛනගත කිරීම ලේකම් දූරය සතු වේ.
  1. භාණ්ඩාගාරික දූරය සතු බලතල සහ වගකීම්
  • පදනමේ සිදුකරන පුණ්‍ය කර්මයන් සහ ආධාර සදහා මුදල් නිසි ලෙස වෙන් කිරීමේ බලය භාණ්ඩාගාරික සතුය.
  • පදනම සදහා ලැබෙන ආධාර මුදල් ව්‍යවස්තානුකුලව පදනමේ බැංකු ගිණුමට බැර කිරීම භාණ්ඩාගාරික සතු වගකීම වේ.
  • භාණ්ඩාගාරික ලෙස සියළු අයවැය වාර්තාවන් ඕනෑම වේලාවක ඉදිරිපත් කිරීමට හැකි ලෙස අඛණ්ඩව පවත්වා ගත යුතුය.
  • යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ආධාරයකට පදනමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා විට, එයට විරුද්ධ නම්, මුදල් ලබාගැනීමේදී ඉදිරිපත් කලයුතු අයවැය වාර්තාවට අත්සන් නොතබා සිටීමේ බලය හිමිය.
  • විධායක අධ්‍යක්ෂක දූරය පවරන කාර්‍යයන් ක්‍රියාත්මක කිරීමේ බලය ඇත.
  1. විගණකාධිපති දූරය සතු බලතල සහ වගකීම්
  • පදනම තුල ඕනෑම අවස්ථාවක විගණනයක් කැදවීම විගණකාධිපති සතුය.
  • පදනම සදහා බාහිර විගණනයක් ඕනෑම වෙලාවක කැදවීමේ බලය විගණකාධිපති සතු වේ.
  • පදනමේ අයවැය සම්බන්ධව රජයෙන් සිදුකරන විමසීමකදී හෝ විගණනයකදී ඒ සදහා පූර්ණ සහයෝගය දැක්වීමද, යම්කිසි මූල්‍ය වංචාවක් හෝ ප්‍රයත්නයක් විගණනයකදී හසු වුවහොත් ඒ සදහා අදාළ පාර්ශව දැනුවත් කිරීම සහ මූල්‍ය වංචා සිදුකරන ලද අය සම්බන්දයෙන් නීතිමය පියවර ගැනීම විගණකාධිපති සතු වගකීම වේ.
  • පදනම තුල සිදුවූ සෑම අයවැයක් සම්බන්ධයෙන් පැහැදිලි ලෙස සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි වන ලෙස වාර්තා පවත්වා ගැනීමට විගණකාධිපතිද මෙයින් දිරිමත් කරනු ලැබේ.
  1. කමිටු සාමාජිකයන්ගේ වගකීම
  • කමිටු සාමාජිකයන් විසින් පදනමේ කාර්යයන් වල චිරස්ථිතිය සදහා සුදුසු පාර්ශවයන් සම්බන්ධ කරගැනීමට මෙයින් දිරිමත් කර සිටිමු.
  • පදනමේ චිරස්ථිතිය සදහා නව යෝජනා ගෙන ඒමට කමිටු සාමාජිකයන් මෙයින් දිරිමත් කර සිටිමු.
  • යම්කිසි අවස්ථාවකදී පදනමට කිසියම් හානියක් වන ආකාරයේ දෙයක්, පදනම තුල හෝ පදනමින් පිටත ක්‍රියාත්මක වේ නම් එය වැලක්වීමට මෙන්ම අදාළ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද කමිටු සාමාජිකයන් මෙයින් දිරිමත් කර සිටිමු.
  1. පදනමේ නීති රීති
  • පදනමේ සියළු තනතුරු දරන්නන්, පදනමේ ව්‍යවස්ථා ප්‍රකාරව, එහි සදහන් නීති රීති වලට අනුකූලව කටයුතු කල යුතුය.
  • විධායක අධ්‍යක්ෂක තීරණය පදනමේ අවසාන තීරණය වන අතර එයට ඉහලින් උසාවි යෑමට හෝ නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වීමට ව්‍යවස්තානුකුලව කිසිවෙකුට බලයක් නැත.
  • යම් තනතුරු දරන්නෙකුට කිසියම් අසාධාරණයක් සිදු වුවහොත් ඒ සම්බන්ධව විධායක අධ්‍යක්ෂක හට ලිඛිතව දන්වා සාධාරණය ඉටුකරගත හැකිය.
  • යම්කිසි තනතුරු දරන්නෙක් පදනමේ බැංකු ගිණුමෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් මුල්‍ය වංචාවක් සිදු කළහොත් ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට පදනමේ සාමාජිකයන් හට ව්‍යවස්තානුකුලව බලය හිමි වේ. මෙම පදනම හුදෙක් බෞද්ධ ධර්මය නගා සිටුවීමටත්, අසරණ සත්වයන් හට පිහිට වීමටත් ගන්නා ලද ප්‍රයත්නයක් බැවින්, පදනමට ලැබෙන්නා වූ අරමුදල් ස්වකීය පරිහරණයට ගැනීම නීත්‍යානුකුලව දඩුවම් ලැබිය හැකි වරදක් බව මෙයින් දැනගත යුතුය.
  • පදනමේ කිසියම් සාමාජිකයෙක් විසින් මුල්‍ය වංචාවක් සිදු කළහොත් එම පුද්ගලයා වහාම ක්‍රියාත්මක වන පරිදි පදනමේ සියළු තනතුරු වලින් නෙරපා දමනු ලබන අතර ඒ සම්බන්ධව එම පුද්ගලයාට විරුද්ධව නීති ප්‍රකාරව කටයුතු කිරීමට අනෙක් සාමාජිකයන් හට අවසර ලැබෙන අතර, ඒ සම්බන්ධව චූදිතයන්ට උසාවි යෑමට ව්‍යවස්ථාවෙන් බලය හිමි නොවේ.
  • මෙම පදනම බෞද්ධ ධර්මය සහ සියළු සත්වයන් හට යහපත උදාකිරීමට ගන්නා ප්‍රයත්නයක් බැවින් මෙම පදනමේ සේවයේ යෙදී සිටින කිසිවෙකුටත් තම අයිතිවාසිකම් ඉල්ලා නඩු පැවරීමට හැකියාවක් ව්‍යවස්ථාවෙන් හිමි නොවේ.
  • පදනමට ලැබෙන මුල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර කිසිදු අවස්ථාවකදී කිසිදු හේතුවක් මත පදනමේ සාමාජිකයන් හට පුද්ගලික පරිහරණය කිරීමට කිසිදු බලයක් ව්‍යවස්ථාවෙන් හිමි නොවන අතර එසේ සිදු කළහොත් ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කල හැකිය.
  • පදනමට සාමාජිකයන් බැදෙන විට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු අතර පදනමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමේදී ඔවුන් ඉල්ලා අස්වන බවට අත්සන් කල ලිපියක් විධායක අධ්‍යක්ෂකට, සභාපතිට හෝ ලේකම්ට ලබා දී ඔවුන් විසින් ඉල්ලා අස්වීම බාරගත් බවට සහතික කෙරෙන අත්සනින් යුත් ලිපියක් ලබා ගත යුතු වේ.
  1. පදනමේ අරමුදල් සහ ආධාර

    දේශීය, විදේශීය සියළුම ආධාර මුදල් පදනමේ බැංකු ගිණුමට බැර වන අතර එම ආධාර මුදල් පදනමේ සාමාජිකයන්ගේ සාකච්ජා මත, කිරීමට බලාපොරොත්තු වන පින්කම් සදහා සුදුසු පරිදි, විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අයගේ අනුමැතිය පරිදි වැය කෙරේ.

  2. පදනමේ ව්‍යාපෘති

    පදනම මගින් සිදුකරනු ලබන සියළුම පින්කම්(ව්‍යාපෘති) තීරණය කරනු ලබන්නේ විධායක අධ්‍යක්ෂක, සභාපති සහ ලේකම් යන අයගේ අනුදැනුම සහ නියෝග මතය.

  3. පදනමේ බැංකු කටයුතු

    ලංකා බැංකුවේ ජා-ඇල ශාඛාවේ පදනම සදහා ගිණුමක් අරඹන අතර, බැංකු ගිණුමේ මුදල් තැන්පත් කිරීමේදී, විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අයගේ අත්සනින් යුත් වාර්ථාවක් ඒ සමග ඉදිරිපත් කල යුතුය. බැංකු ගිණුමෙන් මුදල් ලබා ගන්න විටද විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අයගේ අත්සනින් යුත් වාර්ථාවක් ඒ සමග ඉදිරිපත් කල යුතුය.

  4. පදනමේ ව්‍යවස්ථානුකූල සංශෝධන සිදුකිරීම

    පදනමේ සාමාජිකයන් අතරින් විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ විගණකාධිපති යන අයගෙන් 3/5 ක බලයක්, කැමැත්තක් මත පදනමේ ව්‍යවස්ථානුකූල සංශෝධන ඇති කල හැකිය.

  5. පදනමේ සාමාජික රැස්වීම

    විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් යන අයගේ කැදවීම් මත පදනමේ සාමාජිකයන් රැස්විය යුතු අතර එහිදී පදනමේ ඉදිරි කටයුතු, ව්‍යවස්ථානුකූල සංශෝධන සහ පදනම සම්බන්ධ සියළු කටයුතු සාකච්ජා කිරීම සිදු කල හැකිය.

  6. මුල්‍ය කටයුතු සම්බන්ධ වගකීම

    පදනම විසින් සිදු කරන ලබන කිසියම් පුණ්‍ය කර්මයකදී, ඒ සදහා ලබාගන්නා මුදල් සම්බන්ධයෙන්, එම මුදල් ලබාගැනීමේදී අත්සන් තබන ලද විධායක අධ්‍යක්ෂක, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අය වගකිය යුතුය.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළිකුත්තුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම ලෙන් සංකීර්ණය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට නුවර යුගය දක්වා විහිදෙන ඉතිහාසයකට උරුම කම් කියයි. මෙම සංකීර්ණය තුල ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබදව සාධක දැක්වෙන ලෙන් කිහිපයක්ද ක්‍රි.පූ 2 - 3 සියවස්වල සංඝයා වහන්සේලා විසින් පරිහරණය කරන ලද කටාරම් සහිත ලෙන් රාශියක්ද එම යුගයට අයත් පුර්ව බ්‍රාහ්මීය සෙල් ලිපි තුනක්ද නුවර යුගයට අයත් ස්මාරක රාශියක්ද වේ.

පිළිකුත්තුව හා ඒ වටා ඇති ගම් අතර ඇති සම්බන්ධතාව ද මදක් විමසා බැලිය යුතුය. වතුරුගම පාරේ ඇති හේවාකන්ද, කිනිගම, පිළිකුත්තුව, බුත්පිටිය, පස්ගම්මන, මාලිගාතැන්න, මල්වතු-හිරිපිටිය, බටේපොල හා ඉන් එපිටට ඇති වතුරුගම රදාවාන ආදී ගම්වලින් හෙළිවන බොහෝ කරුණු මෙම රජමහා විහාරයට ඉතාමත් කිට්ටු සම්බන්ධකමක් මෙන්ම වැදගත් කමක්ද ඇති බව පෙනෙයි.

පෘතුගීසි පාලන සමයේදී සැගවුණු ප්‍රභූවරයෙකු ඇල්ලීම සදහා පෘතුගීසින් විශාල හේවායන් පිරිසක් රැගෙනවිත් මේ ප්‍රදේශයේ කන්දක් මුදුනේ රදවා ඇත. අද එම ස්ථානය හේවාකන්ද නම් වේ. පෘතුගීසින්ට උදවු නොකිරීම හේතුවෙන් එක් ගමක් ගිණිබත් කරන ලදී. පසුව ඒ ගම ගිනිගම වී අද වන විට කිනිගම ලෙස හැදින්වේ. නමුත් තවත් ජනප්‍රවාදයකට අනූව රජුට ආයුධ සෑදු ගම කිණිහිරගම ලෙස හදුන්වා පසුව එය කිනිගම වූ බවටද මතයක් පවතී. එසේම යුද්ධය සදහා බත් පිසූ ගම බත්පිටිය වී අද වන විට බුත්පිටිය යන නමින් හැදින්වේ.

දළදා වහන්සේ ටික කලක් මෙම ප්‍රදේශයේ සගවාගෙන සිට ඇති අතර තාවකාලික මාලිගාවක් සාදා දළදා වහන්සේට පුජෝපහාර දක්වා ඇත. මෙම මාලිගය සෑදීමට පස් ගත් ගම්මානය අද පස්ගම්මන නම් වේ. විශාල කදු මුදුනක දළදා මාලිගාව තනවා ඇති අතර අද එම ප්‍රදේශය මාලිගාතැන්න නම් වේ. දළදා පූජාවට මල් සැපයූ ගම හා මල්වතු පිහිටි ගම අද මල්වතු-හිරිපිටිය නම් වේ.

පිළිකුත්තුව නම සෑදුනු ආකාරය පිළිබදවද ජනප්‍රවාද කිහිපයක් අසන්නට ලැබේ. පිළි කොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළි කොටුව නම් වී පසුව පිළිකොත්තුව සෑදී ඉන් පසුව පිළිකුත්තුව වී ඇතැයි කියවේ. රජවරුනට පිළි සැපයූ ගම්මානය වූ  නිසා පිළිකුත්තුව නම ලැබී යැයි තවත් ජනප්‍රවාදයකි.

තවද වළගම්බා රජ බිසව පරිහරණය කල පිළි, රන්, රිදී, මුතු සහ මැණික් සගවා තැබූ ගම්මානය හෙවත් පිළි සැගවූ ගම පිළිකුත්තුව නම් වී යැයි තවත් ජනප්‍රවාදයකින් කියැවේ.

ගමන් මග

කොළඹ සිට මාර්ග අංක 231 කිරිදිවැල බසයෙන් පැමිණ හෝ ගම්පහ සිට මාර්ග අංක 231 කිරිදිවැල බසයෙන් පැමිණ යක්කල නගරය පසු කර බටගොල්ල හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ ගිය විට පිළිකුත්තුව රජමහා විහාරයට පැමිණිය හැක. එසේ නැතහොත් ගම්පහින් මාර්ග අංක 205 වතුරුගම-කිරිදිවැල මාර්ගයේ පැමිණ පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී සැතපුම් 3/4 ක් පමණ පැමිණි විට මෙම විහාරස්ථානයට ලගා විය හැක.

2015 ක් වූ ජූලි මස 04 වන දින, ඔබ සැමගේ දායකත්වය මත මහරගම පිළිකා රෝහල වෙත බෙහෙත් සහ වෙනත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යය අප විසින් ලබා දෙන ලදී. මේ සදහා දායකත්වය දැක්වූ ඔබ සැම විසින් උත්කෘෂ්ට වූත් මහත්ඵල මහානිසංස වූත් පුණ්‍ය කර්මයකට සහභාගී වී ඉතා විශාල පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නා ලදී. පිළිකා රෝහලට ආධාර ලබා දීමෙන් පසුව උදවු කල නොකළ සියළු දෙනා හට ආසන්න විහාරස්ථානයක දී පුණ්‍යානුමෝදනාවක්ද සිදු කරන ලදී (ජායාරූප අමුණා ඇත). සිත පහදවාගන්න!!!. කර්මය සහ කර්ම ඵලය සියළු ශක්තීන් ඉක්මවා සිටිත්!!!. ඔබ විසින් කරන ලද්දා වූ ලද මෙම පුණ්‍ය කර්මය නැවත නැවත මෙනෙහි කරමින්, සිත සතුටු කරගන්න!!!. සියළු විශ්ව සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා!!!. එකතු වූ මුදල් පුණ්‍ය කර්මය සදහා යෙදවූ අයුරු ජායාරූප වල දැක්වේ. ඒ සදහා ලැබුණු බිල්පත් වල ජයාරූපද අමුණා ඇත.