අඟහරුවාදා, 13 අප්‍රේල් 2021 08:26

ශ්‍රී සද්ධර්ම පදනම - සිව්වන පින්කම් මාලාව

ලියන ලද්දේ

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදුකරන ලද සිව්වන පින්කම් මාලාව 2021 වර්ෂයේ පෙබරවාරි මස 08 වන දින අප විසින් ඉතා සාර්ථක අන්දමින් සිදු කරන ලදී. අප විසින් සිදු කරන ලද පින්කම් පහත දැක්වේ.

1) මංගල මහා සෑ රදුන් වෙත සිදු කරන ලද උතුම් පූජාව සහ එම පූජනීය ස්ථානයේදී අප පින්කම් මාලාව සදහා ආධාර උපකාර කරන ලද සියළු දෙනා වෙත පින් අනුමෝදන් කිරීම

2) සේරුවිල ප්‍රදේශය ආශ්‍රිත අපගේම සහෝදර ජනතාව වෙත හැකි අයුරින් පොත්පත්, ඇදුම්, මිල මුදල් සහ වෙනත් ද්‍රව්‍යය ලබාදීම
3) පොළොන්නරුව/දිඹුළාගල සුසිරිගම ප්‍රදේශයේ නෙළුම්ගම මහා විද්‍යාලය සදහා උසස් පෙළ ගණිතය සහ ජීව විද්‍යා උපකාරක පොත්/නිබන්ධන ලබා දීම, විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබා දීම, එම විදුහලේ ගුරු මණ්ඩලයට උපහාර දැක්වීම, එම ප්‍රදේශයේ ආසන්නව වාසය කරන ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍යය ලබා දීම සහ සත්කාර කිරීම, එම විද්‍යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍යය සහ වෙනත් ද්‍රව්‍යය පරිත්‍යාගය, එම විද්‍යාලයට පුස්තකාල පොත් පරිත්‍යාගය
4) ඓතිහාසික මුතුගල ලෙන් විහාරය සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය පූජා කිරීම

මෙම සියළු පින්කම් එක පෙලට සාර්ථකව සිදු කරගැනීමට හැකියාව ලැබුනේ, පින්වත් ඔබ සැමගේ කාරුණික පරිත්‍යාග හේතුවෙන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.

විශේෂ ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව

1 - සැමදාම අප පින්කම් සදහා උපකාර කරන, නවසීලන්තයේ වාසය කරන සිවිල් ඉංජිනේරු ජගත් රූපසිංහ මහත්මා වෙත
2 - අයි. ටී. අයි ආයතනයේ සේවක මහත්ම මහත්මීන් වෙත 
3 - සැමදාම අප පින්කම් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන එම රථ වල අයිතිකරු, ව්‍යාපාරික, පත්තඩුවන ප්‍රදේශයේ වාසය කරන, ඉන්දික මහත්මා වෙත
4 - කිසිදු නින්දක් පවා නොලැබ, මෙම පින්කම සදහා බස් රථයෙන් අපව ආරක්ෂිතව පොළොන්නරුව ප්‍රදේශයට රැගෙන ගිය, අප වෙත නොමද සහයක් දැක්වූ බස් රථයේ රියදුරු චතුර මහත්මා වෙත

5 - වසන්ත බණ්ඩාර මහතා, එම මහත්මිය සහ පුතණුවන් දෙපල වෙත
6 - ඉහත නම් කරන ලද ආයතන සහ මහත්ම මහත්මීන් හැරුණු කොට, අප වෙත තනි වශයෙන් දායකත්වය දැක්වූ පින්වත් ඔබ සැම වෙත

මෙම පින්කම සදහා සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. ඉගෙන ගන්නා දූ දරුවන් වෙනුවෙන් පොත්පත් ලබා දීම ඔබ සැමට උපදින උපදින භවයක් පාසා එම භවයේදී ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍යය වන ශිල්ප ශාස්ත්‍ර මනාව පිහිටීමට උපකාරී වනු ඇත. ඔබ සියළු දෙනාට ඉතා හොද ධාරණ ශක්තියක් මෙන්ම අධ්‍යාපනයේ විශේෂ කුසලතාවයන් ලැබීම සදහා මෙම පින්කම උපදින උපදින භවයක් පාසා හේතු වාසනා වනු ඇත. එමෙන්ම ගැබිණි මව්වරුන්ට පිහිට වීම හේතුවෙන් උපදින උපදින භවයක් පාසා අංග ප්‍රත්‍යංග නොඅඩු, යහපත්, කීකරු බෝධිසත්ව දරුවන් ඔබ සියළු දෙනාට ලැබේවා !.

සිත පහදවාගන්න. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. ඔබ සැමගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අනන්ත ගුණයෙන් වැඩෙත්වා !!. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

අප වෙත ලබා දුන් ආධාර සැකෙවින් පහත දක්වනු ලැබේ. එම මහත්ම මහත්මීන්ගේ නම් වල වැරදීමක් හෝ නම් සදහන් නොවීමක් හෝ වෙනත් කිසියම් දෝෂයක් අපගෙන් සිදුව ඇත්නම් ඉතා කාරුණිකව සමාව ඇයැද සිටිමු.

 

මුදල් ආධාර

 

නම පරිත්‍යාගය
ජගත් රූපසිංහ මහත්මා 80000
ලංකා මහත්මිය 25000
කුෂාන් මහත්මා  20000
ෂාමිනි මහත්මිය 10000
නලින් මහත්මා 6500
වීරරත්න මහත්මා 5000
අරුණ අබේරත්න මහත්මා 5000
අධිකාරි මහත්මා 5000
මොනීෂා මහත්මිය 5000
නිමල් පුණ්‍යසිරි මහත්මා 5000
ප්‍රසන්න මහත්මා 5000
වරුණ මහත්මා 5000
හිමල්ෂි මහත්මිය 5000
පූර්ණිමා මහත්මිය 5000
ධම්මික මහත්මා 5000
චානක පතිරණ මහත්මා 5000
වරුණ මහත්මා 3000
සූරසේන මහත්මා  1000
හර්ෂ මහත්මා 1000
සුපුන් මහත්මා 1000
ධර්මදාස මහත්මා 1000
පූර්නිම මහත්මා 1000
නුවන් මහත්මා 500
නිමන්ත පෙරේරා 12000
   
ලැබුණු මුලු මුදල 217,000

 

පොත් පත් සහ වෙනත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි පොත් 276යි/කිරිපිටි/සබන්/ටූත් පේස්ට්/බෙඩ් ෂීට් 15යි/පොල් 60යි
පූජ්‍ය උඩුදුම්බර විජයකිර්ති හිමි කරඩු 02යි/පොත් 200යි/වටාපත්/කිරිපිටි 12යි/මුතුකුඩ/කුඩ/ටේබල් ෆෑන් 01යි/සාලු 30යි/මදුරු දැල් 05යි/සබන්
පූජ්‍ය විජය මෛත්‍රී හිමි කිරිපිටි/සබන්/සිවුරු/පොත් 12යි/පෑන්
පූජ්‍ය විජයසීහ හිමි සිවුරු 20යි/සී.ආර් පොත් 75යි
සහන් අමල්ක වීරසිංහ මහත්මා (සී.බී.එල් නැචුරල් ෆුඩ්ස් සමාගම) පොත් 20යි
නිමල් මහත්මා පොත් 60යි
චමින්ද මහත්මා පොත් 30යි
තිලක් මහත්මා පොත් 30යි
සුමුදු ප්‍රියන්ත මහත්මා පොත් 50යි
ප්‍රසාදිනී මහත්මිය චිත්‍ර පොත් 20යි/මකන 10යි
චමෝද් මහත්මා චිත්‍ර පොත් 5යි
ලංකා මහත්මා පොත් 100යි 
ශර්මිලා මහත්මිය පාට පෙට්ටි 20යි 
ඉෂාර මහත්මා එළගි තෙල් 
නාරායන මහත්මා ඇදුම් පෙට්ටි 05යි 
අමල් මහත්මා ඇදුම් පෙට්ටි 03යි 
මංජුල පතිරණ මහතා සහ එම මහත්මිය ආරණ්‍ය සදහා ගෑස් සිලින්ඩරයක්/උදළු තල 02ක්/ගල් කටු/අඩු සහ මිටි/පානීය ජලය විශාල බෝතල්/වියලි ආහාර/වටිනා පැල වර්ග සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්

 

 

පුස්තකාල පොත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
බෞද්ධයා නාලිකාව දහම් පොත් 50යි
නිමල් මහත්මා පොත් 40යි
සුමුදු ප්‍රියන්ත මහත්මා පොත් 30යි
සාරංගි මහත්මිය පොත් 12යි 
ජගත් රූපසිංහ මහත්මා පොත් 100යි
තිලක් මහත්මා පොත් 255යි
තිලිණි මහත්මිය දහම් පොත් 16යි 
චිත්‍රන් මහත්මා පත්තර 105යි
එච්. එස් ගුණසේකර පදනම දහම් පොත් 100යි 
අමල් මහත්මා පොත් 100යි
නිර්මාලි මහත්මිය උසස් පෙළ ජීව විද්‍යා පොත් පෙට්ටි 05යි 

 

අප විසින් සිදු කරන ලද මුළු වියදම 283,818 /= වන අතර අපට ලැබුණු මුදල් ආධාර වල එකතුව 217,000 /= ක් වේ. මෙහි ඉතිරි වියදම දරන ලද්දේ මංජුල පතිරණ මහත්මා සහ එම මැතිණිය විසිනි. ඔබ ලබා දෙන මුදල් අප විසින් පින්කම සදහාම යොදනු මිස වෙනත් කිසිම කටයුත්තක් සදහා කිසිවිටකත් යොදනු නොලබන බවද ඉතා කාරුණිකව සිහිපත් කරමු. පින්කමට අදාළ බිල්පත් විශාල ප්‍රමාණයක් තිබුනද ඒවා පල කිරීමට වැඩි අන්තර්ජාල සර්වර් ඉඩක් අවශ්‍ය වන බැවින් බිල්පත් මෙහි පල නොකරන බව කාරුණිකව සලකන්න. ඔබ කිසිවෙකුට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අප හමුවී සියලු බිල්පත් පරීක්ෂා කර බලනු ලබන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අපට මේ පින්කම සදහා උදව් කල නොකළ සෑම දෙනා හට පින් අනුමෝදන් කිරීම පිණිස අති පූජණීය මංගල මහා සෑ රදුන් හට පූජාවන් සිදු කොට ඔබ සෑම සියළු දෙනා වෙත පින් අනුමෝදන් කරන ලදී. අපගේ පින්කම සාරාංශ ලෙස දැක ගැනීමට පහත වීඩියෝ නරබන්න.

 

හැකි නම් මෙම සියළුම වීඩියෝ වල තත්වය (QUALITY) HD - 1080P60 ලෙස නරඹන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

Read 99 times Last modified on අඟහරුවාදා, 13 අප්‍රේල් 2021 16:20

Media

වීඩියෝ අංක 1 - සේරුවිල මංගල මහා සෑ රදුන් අභියස පුණ්‍යානුමෝදනාව


වීඩියෝ අංක 2 - සේරුවිල ප්‍රදේශය ආශ්‍රිත ජනතාව වෙත හැකි අයුරින් ආධාර කිරීම


වීඩියෝ අංක 3 - පොළොන්නරුව/දිඹුළාගල නෙළුම්ගම මහා විද්‍යාලයට ආධාර කිරීම