සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 17:26

ශ්‍රී සද්ධර්ම පදනම - තෙවන පින්කම් මාලාව

ලියන ලද්දේ

ශ්‍රී සද්ධර්ම පදනම මගින් සිදුකරන ලද තෙවන පින්කම් මාලාව 2020 වර්ෂයේ ජනවාරි මස 27 වන දින අප විසින් ඉතා සාර්ථක අන්දමින් සිදු කරන ලදී. අප විසින් සිදු කරන ලද පින්කම් පහත දැක්වේ.

1) රුවන්වැලි මහා සෑ රදුන් වෙත සිදු කරන ලද උතුම් පූජාව සහ එම පූජනීය ස්ථානයේදී අප පින්කම් මාලාව සදහා ආධාර උපකාර කරන ලද සියළු දෙනා වෙත පින් අනුමෝදන් කිරීම
2) අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සදහා උසස් පෙළ ගණිතය සහ ජීව විද්‍යා උපකාරක පොත්/නිබන්ධන ලබා දීම
3) වාහල්කඩ හේමමාලි මහා විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබා දීම, එම විදුහලේ ගුරු මණ්ඩලයට උපහාර දැක්වීම, එම ප්‍රදේශයේ ආසන්නව වාසය කරන ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍යය ලබා දීම සහ සත්කාර කිරීම, එම විද්‍යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍යය සහ වෙනත් ද්‍රව්‍යය පරිත්‍යාගය, එම විද්‍යාලයට පුස්තකාල පොත් පරිත්‍යාගය
4) පාඩිග්ගම ධර්මාශෝක විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පත් ලබාදීම, එම දරුවන්ගේ මව්වරුන්ට ඉතා සුළු පරිත්‍යාගයක් කිරීම (කිරිපිටි, සබන්, ඇදුම් පැළදුම් වැනි දෑ)
5) කහටගොල්ලෑව ශ්‍රී ධර්මවිජයාරාම විහාරය සදහා පූජාවන් සිදු කිරීම

මෙම සියළු පින්කම් එක පෙලට සාර්ථකව සිදු කරගැනීමට හැකියාව ලැබුනේ, පින්වත් ඔබ සැමගේ කාරුණික පරිත්‍යාග හේතුවෙන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.

විශේෂ ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව

1 - සැමදාම අප පින්කම් සදහා උපකාර කරන, නවසීලන්තයේ වාසය කරන සිවිල් ඉංජිනේරු ජගත් රූපසිංහ මහත්මා වෙත
2 - ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමව්පියන් වෙත
3 - මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය/විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමව්පියන් වෙත
4 - ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවක මහත්ම මහත්මීන් වෙත (ආයතනයේ ආධාර උපකාර කරන ලද මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් ඇති අතර, ඇතැම් නම් වල තිබෙන අපැහැදිලි බාවය සලකා අප විසින් පොදුවේ දෙන ලද ආධාරය මෙහි සදහන් කිරීමට සිදුවීම පිලිබදව කණගාටුව පල කර සිටිමු.)
5 - අයි. ටී. අයි ආයතනයේ සේවක මහත්ම මහත්මීන් වෙත (ආයතනයේ ආධාර උපකාර කරන ලද මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් ඇති අතර, අප විසින් පොදුවේ දෙන ලද ආධාරය මෙහි සදහන් කිරීමට සිදුවීම පිලිබදව කණගාටුව පල කර සිටිමු.)
6 - සැමදාම අප පින්කම් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන එම රථ වල අයිතිකරු, ව්‍යාපාරික, පත්තඩුවන ප්‍රදේශයේ වාසය කරන, ඉන්දික මහත්මා වෙත
7 - කිසිදු නින්දක් පවා නොලැබ, මෙම පින්කම සදහා බස් රථයෙන් අපව ආරක්ෂිතව කැබිතිගොල්ලෑව ප්‍රදේශයට රැගෙන ගිය, අප වෙත නොමද සහයක් දැක්වූ බස් රථයේ රියදුරු චතුර මහත්මා වෙත

8 - මංජුල මහතාගේ මිතුරු, අප සමග මෙම පින්කමට සහභාගී වූ චන්දන මහතා වෙත
9 - ඉහත නම් කරන ලද ආයතන සහ මහත්ම මහත්මීන් හැරුණු කොට, අප වෙත තනි වශයෙන් දායකත්වය දැක්වූ පින්වත් ඔබ සැම වෙත

මෙම පින්කම සදහා සදහා දායක වූ පින්වත් ඔබ සැම විසින් මහගු පින්කමක් සිදු කරගන්නා ලදී. ඉගෙන ගන්නා දූ දරුවන් වෙනුවෙන් පොත්පත් ලබා දීම ඔබ සැමට උපදින උපදින භවයක් පාසා එම භවයේදී ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍යය වන ශිල්ප ශාස්ත්‍ර මනාව පිහිටීමට උපකාරී වනු ඇත. ඔබ සියළු දෙනාට ඉතා හොද ධාරණ ශක්තියක් මෙන්ම අධ්‍යාපනයේ විශේෂ කුසලතාවයන් ලැබීම සදහා මෙම පින්කම උපදින උපදින භවයක් පාසා හේතු වාසනා වනු ඇත. එමෙන්ම ගැබිණි මව්වරුන්ට පිහිට වීම හේතුවෙන් උපදින උපදින භවයක් පාසා අංග ප්‍රත්‍යංග නොඅඩු, යහපත්, කීකරු බෝධිසත්ව දරුවන් ඔබ සියළු දෙනාට ලැබේවා !.

සිත පහදවාගන්න. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සැමට නිවන් දක්නා තුරු කිසිදු ආකාරයක ලෙඩක්, දුකක්, කරදරයක් නොවේවා !. ඔබ සැමගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අනන්ත ගුණයෙන් වැඩෙත්වා !!. එසේම මෙම පුණ්‍ය ශක්තිය මෙම විශ්වයේ සියලුම සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා. සියළු සත්වයෝ අනුත්තර වූ, අසම වූ අමා මහ නිවන් සම්පත්තියෙන් නිවී සැනසේවා !!!

අප වෙත ලබා දුන් ආධාර සැකෙවින් පහත දක්වනු ලැබේ. එම මහත්ම මහත්මීන්ගේ නම් වල වැරදීමක් හෝ නම් සදහන් නොවීමක් හෝ වෙනත් කිසියම් දෝෂයක් අපගෙන් සිදුව ඇත්නම් ඉතා කාරුණිකව සමාව ඇයැද සිටිමු.

 

මුදල් ආධාර

 

නම පරිත්‍යාගය
ජගත් රූපසිංහ මහත්මා 50000
කුෂාන් මහත්මා 15000
ලංකා විදුලි පෞද්ගලික සමාගම කොල්ලුපිටිය (ප්‍රධාන) ශාඛාව 10100
අරුණ මහත්මා 10000
වීරරත්න මහත්මා 10000
චාමර මහත්මා (හේලීස් සමාගම) 10000
කෞශල්‍යා හපුආරච්චි මෙනෙවිය 8000
ගාමිණී මහත්මා 7500
නිමන්ත පෙරේරා 7100
ලංකා විදුලි පෞද්ගලික සමාගම ඒකල ශාඛාව 5900
වරුණ මහත්මා 5000
නිමල් පුණ්‍යසිරි මහත්මා 5000
තිලක් මහත්මා 5000
ප්‍රසන්න මහත්මා 5000
අධිකාරි මහත්මා 5000
හිමල්ෂි මහත්මිය 5000
වසන්ත පතිරණ මහත්මා 5000
නිමිනි පෙරේරා මෙනෙවිය 3000
තිලකරත්න මහත්මා 3000
මොනීෂා මහත්මිය 3000
පූර්ණිම මහත්මා 3000
රුවිනි මහත්මිය 3000
තිලිණි මහත්මිය 3000
දීපාල් මහත්මා 3000
නෙරංජන් මහත්මා 2500
ෂර්වින් ෆොන්සේකා මහත්මා 2000
මැණික් මහත්මිය 2000
අමල් මහත්මා 2000
පරාක්‍රම රණසිංහ මහත්මා 2000
සුදර්ශන මහත්මා 2000
හර්ෂ මහත්මා 2000
දර්ශන මහත්මා 2000
ධර්මදාස මහත්මා 2000
ප්‍රසාදී මහත්මිය 2000
ඉන්දික මහත්මා 2000
සචිත් කළුආරච්චි මහත්මා 1500
දිපානි සුමනරත්න මහත්මිය 1000
පුන්‍යා පෙරේරා මෙනෙවිය 1000
කුමුදිනී පෙරේරා මෙනෙවිය 1000
මධාරා අධිකාරි මෙනෙවිය 1000
අමිල වීරතුංග මහත්මා 1000
පූර්ණිමා මහත්මිය 1000
නුවන් මහත්මා 1000
රසාංග මහත්මා 1000
චිනුත් මහත්මා 1000
සුපුන් මහත්මා 1000
අබේසිංහ මහත්මා 1000
චන්දිමා මහත්මිය 1000
ඉෂාර මහත්මා 1000
චතුරි පෙරේරා මෙනෙවිය 500
ප්‍රියංකර මහත්මා 500
එම්. එන් හනීෆා මහත්මිය 500
එම්. එම් ඉල්හම් මහත්මා 500
චන්ද්‍රා මහත්මිය 500
රත්නසිරි මහත්මා 500
විල්ෆ්‍රඩ් මහත්මා 500
ප්‍රියන්ත මහත්මා 500
   
ලැබුණු මුලු මුදල 230600

 

පොත් පත් සහ වෙනත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි පොත් 348 යි
පූජ්‍ය උඩුදුම්බර විජයකිර්ති හිමි සබන් කැට 100 යි / කුඩ 6 යි / ටූත් පේස්ට් 15 යි / ටූත් බ්‍රෂ් 15 යි / පොත් 22 යි / වටාපත් 6 යි / සිවුරු 6 යි / සාලු 20 යි
පූජ්‍ය විජය මෛත්‍රී හිමි සබන් කැට 24 යි / පෑන් 50 යි / ටූත් බ්‍රෂ් 10 යි / පොත් 7 යි
රාහුල මහත්මා චිත්‍ර පොත් 56
චමින්ද මහත්මා පිටු 80 සී.ආර් පොත් 24
ගාමිණී මහත්මා පිටු 80 පොත් 12
සිරිපාල මහත්මා පිටු 40 චිත්‍ර පොත් 60 යි / රුවන්වැලි මහා සෑ රදුන් වෙත පූජා කිරීමට ඖෂධ කොට්ටය
ලක්ෂ්මන් රූපසිංහ මහත්මා පැස්ටල් පෙට්ටි 60
ශර්මිලා සහ රන්ජන් යන මහත්ම මහත්මීන් පැස්ටල් පෙට්ටි 31
වසන්ත රූපසිංහ මහත්මා පිටු 80 සී. ආර් පොත් 60යි / පිටු 40 චිත්‍ර පොත් 56 යි
නන්දන මහත්මා පිටු 40 චිත්‍ර පොත් 100
නාරායන මහත්මා පිටු 40 චිත්‍ර පොත් 24
ඉමල්කා මහත්මිය පිටු 40 චිත්‍ර පොත් 21යි / පිටු 80 සී.ආර් පොත් 25යි
සිසිර මහත්මා පිටු 40 චිත්‍ර පොත් 24
නලින් මහත්මා පිටු 40 චිත්‍ර පොත් 100
විමර්ෂි මහත්මිය පිටු 160 සී. ආර් පොත් 6
චමෝද් මහත්මා පිටු 40 චිත්‍ර පොත් 16
නිමල් මහත්මා ත්‍රී පෝෂ පැකට් 50
ක්‍රවුන් පුද්ගලික සමාගම (මිනුවන්ගොඩ) පිටු 120 පොත් 120 යි
විද්‍යා විද්‍යාලය (මිනුවන්ගොඩ) පොත් 400
චන්දන පොන්නම්පෙරුම මහත්මා පොත් 200
වසන්ත බණ්ඩාර මහත්මා කුඩ 30 යි
අනුරාධි පෙරේරා මහත්මිය පිටු 120 පොත් 30
ධම්මි පෙරේරා මහත්මිය පිටු 120 පොත් 30
සහන් මහත්මා (සිලෝන් බිස්කට් නැචුරල් ෆුඩ්ස් සමාගම) පිටු 40 පොත් 12 යි / පිටු 80 පොත් 3 යි / පිටු 120 පොත් 4 යි / පිටු 160 පොත් 2 යි / පිටු 40 සී. ආර් පොත් 5 යි / පිටු 80 සී.ආර් පොත් 2 යි / පිටු 120 සී.ආර් පොත් 2 යි / පිටු 160 සී.ආර් පොත් 5 යි / පිටු 400 සී.ආර් පොත් 1 යි
හිමාලී ජිනදාස මෙනෙවිය පිටු 120 පොත් 20 යි / කවකටු පෙට්ටි 5 යි / පෑන් 10 යි
නිමන්ත පෙරේරා පිටු 120 පොත් 30යි / පෑන් 50 යි

 

 

පුස්තකාල පොත් පරිත්‍යාග

 

නම පරිත්‍යාගය
බෞද්ධ බාලිකා විද්‍යාලය (ගල්කිස්ස) පොත් 1000 යි
කසුරි මහත්මිය පොත් 32 යි
මංජුල පතිරණ මහතාගේ නිවසින් පොත් 110 යි
අයි. ටී. අයි ආයතනයෙන් පොත් 110 යි
චමින්ද මහත්මා පොත් 31 යි
ජයසිංහ මහත්මා පොත් 22 යි
චිත්‍රන් මහත්මා පත්තර 283 යි
රුවන් මහත්මා පොත් 22 යි
අසෝක මහත්මා පොත් 98 යි
බෞද්ධයා නාලිකාව මගින් සගරා 110 යි
රුද්රානි මහත්මිය පොත් 03 යි
ප්‍රභා මහත්මිය පොත් 11 යි
කරුණා මහත්මිය පොත් 31 යි
තිලක් මහත්මා පොත් 198 යි
චන්ද්‍රා මහත්මිය පොත් 152 යි
සුරේකා මහත්මිය පොත් 59 යි
ප්‍රසාදිනී මහත්මිය පොත් 6 යි
චන්දන මහත්මා පොත් 12 යි
අසෝක මහත්මයා සහ කමල් වීරක්කොඩි යන මහත්වරුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ලබා දීම සදහා අ.පො.ස උසස් පෙළ ගණිත සහ ජීව විද්‍යා පොත් / නිබන්දන ලබා දෙන ලදී

 

අප විසින් සිදු කරන ලද මුළු වියදම 325,256 /= වන අතර අපට ලැබුණු මුදල් ආධාර වල එකතුව 230,600 /= ක් වේ. මෙහි ඉතිරි වියදම දරන ලද්දේ මංජුල පතිරණ මහත්මා සහ එම මැතිණිය විසිනි. ඔබ ලබා දෙන මුදල් අප විසින් පින්කම සදහාම යොදනු මිස වෙනත් කිසිම කටයුත්තක් සදහා කිසිවිටකත් යොදනු නොලබන බවද ඉතා කාරුණිකව සිහිපත් කරමු. පින්කමට අදාළ බිල්පත් විශාල ප්‍රමාණයක් තිබුනද ඒවා පල කිරීමට වැඩි අන්තර්ජාල සර්වර් ඉඩක් අවශ්‍ය වන බැවින් බිල්පත් මෙහි පල නොකරන බව කාරුණිකව සලකන්න. ඔබ කිසිවෙකුට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අප හමුවී සියලු බිල්පත් පරීක්ෂා කර බලනු ලබන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අපට මේ පින්කම සදහා උදව් කල නොකළ සෑම දෙනා හට පින් අනුමෝදන් කිරීම පිණිස අති පූජණීය රුවන්වැලි මහා සෑ රදුන් හට පූජාවන් සිදු කොට ඔබ සෑම සියළු දෙනා වෙත පින් අනුමෝදන් කරන ලදී. අපගේ පින්කම සාරාංශ ලෙස දැක ගැනීමට පහත වීඩියෝ නරබන්න.

 

හැකි නම් මෙම සියළුම වීඩියෝ වල තත්වය (QUALITY) HD - 1080P60 ලෙස නරඹන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

Read 1365 times Last modified on ඉරිදා, 05 අප්‍රේල් 2020 08:17

Media

වීඩියෝ අංක 1 - පින්කම සදහා සූදානම් වීම


වීඩියෝ අංක 2 - රුවන්වැලි මහා සෑ රදුන් අභියස පුණ්‍යානුමෝදනාව


වීඩියෝ අංක 3 - වාහල්කඩ හේමමාලී විද්‍යාලයට ආධාර කිරීම


වීඩියෝ අංක 4 - පාඩිග්ගම ධර්මාශෝක විද්‍යාලයට ආධාර කිරීම


වීඩියෝ අංක 5 - කහටගොල්ලෑව ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානයට පූජා සිදු කිරීම