Print this page
බදාදා, 10 මැයි 2017 17:18

කර්ම විපාක (2) - සාලිය කුමරුගේ ආදරවන්තිය අසෝකමාලා සැඩොල් කුලයක ඉපදීම

ලියන ලද්දේ

දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු නිතරම දානමය පුන්‍යකර්ම කිරීමට සිත නැමුණු කෙනෙකි. නමුදු විවාහ කරගත්තේ අතිශයින්ම පියකරු රූ සපුවකින් යුත් සූ සැටක් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හෙබි අශෝකමාලා නම් සැඩොල් කුමරියක් වේ. සාලිය කුමරු ඇයට බැදි පෙම නිසා රජ සැපද අතහැරියේය. මතු බුදුවන මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ගිහිකලදී ලබන්නා වූ බ්‍රහ්මවර්ධන නම් එකම පුත්‍ර රත්නයද මේ සාලිය කුමරුන්ය.

මේ උතුම් කුමරුන්ගේ බිරිද සැඩොල් කුලයක ඉපදීමට හේතුව නම් ඇය පෙර මේ ලක්දිව සුමනා නමින් ඉපිද තරුණියකව සිටියදී දිනක් ඉදුල් ඉහිරවා ආහාර ගෙන ඇති බව දුටු ඇගේ මෑණියන් වහන්සේ ඇයට "සැඩොල් කෙල්ල, තී කුමක් නිසා මේ අපිරිසිදු කරන්නේ දැයි?" දොස් නැගීය. එහිදී සුමනාවෝ මව කෙරෙහි කිපී "චණ්ඩාල කෙල්ල නම් මා නොව, මෑණියන්ම යැයි" කීවාය. වැදු මවට වචනයකින් හෝ සිත් රිදවීම බලවත් අකුශලයකි. එහි විපාක වශයෙන් ඇය එම ජිවිතයේ සැඩොල් කුලයක ඉපදුන බව ධර්මයේ දක්වා ඇත.

 

මෙහිදී සිතට ගත යුතු කරුණ නම් තම දෙමව්පියන්ට වචනයකින් හෝ සිත් රිදවීමක් නොකළ යුතු බවත් දෙමව්පියන් තම පණ මෙන් ආදරයෙන් රැක බලා ගත යුතු බවත්ය. දෙමව්පියන්ට සලකන්නා වූ පුද්ගලයාට කිසිදා නොවරදී...!!!

 

උපුටා ගැනීම :- කර්ම විපාක - පුජ්‍ය රිදියගම සුද්ධම්මාවංශ හිමි

 

සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා... නිවන් දකිත්වා...!!!

Read 2871 times Last modified on ඉරිදා, 01 ජූලි 2018 02:46
FaLang translation system by Faboba