බදාදා, 10 මැයි 2017 17:16

කර්ම විපාක (1) - ස්වර්ණතිලකා කුමරිය සැඩොල් කුලයක ඉපදීමට හේතුව

ලියන ලද්දේ

මෙතුමිය දිනක් මව සමග අභයගිරි චෛත්‍ය වැදීමට ගොස් මල් අසුන අපිරිසිදු බැවින් එය පිරිසිදු කිරීමට පැන් ගෙන ඒමට මව ගිය අතර මෙතුමිය ඒ අපිරිසිදු මල් ආසනයේ, නමුදු සිත පහදවාගෙන ගෙනා සියලු මල් පුදා දුටු දුටු පුරුෂයන් වසග කරවන රූප සම්පත් පැතුවාය. මව්තුමිය පැන් ගෙනවිත් බලන කල අපිරිසිදු මල් අසුනේම මල් පුදා ඇති බව දැක තම දුවට සැඩොල් කෙල්ල යැයි කියා කල වරදට දොස් නැගීය. ඇයද තම මවට කිපී චණ්ඩාල කෙල්ල නම් ඔබමයි කියා කීවාය. පසු කලෙක මේ දුව දඹදිව මධුරා නුවර වීණා වාදනය කරන සැඩොල් කුලයක උපන් අතර දුටු දුටු පුරුෂයන් වසග කරන රූප සම්පත්තියක්ද ලැබුවාය.

 

ඇයගේ නොමනා පැතුම හේතුවෙන් ඇගේ රූපයට වසග වූ රජ දරුවන් පස් දෙනෙක් සිය දිවි නසා ගත්හ. අවසානයේ ඇයටද රූප සම්පත්තිය නිසාම මැරෙන්නට වුවාය. එබැවින් තම දෙමව්පියන්ට වචනයකින් හෝ සිත් රිදවීමක් නොකළ යුතු අතර තම දෙමව්පියන්ට ජීවත්ව සිටින තාක් පණ මෙන් රැක බලා ගත යුතුය. තවද පින් කුසල් කොට නොමනා පැතුම් සිදු නොකළ යුතු බව මෙහිදී සැලකිය යුතුය.

 

උපුටා ගැනීම :- කර්ම විපාක - පුජ්‍ය රිදියගම සුද්ධම්මාවංශ හිමි

 

සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා... නිවන් දකිත්වා...!!!

Read 1501 times Last modified on ඉරිදා, 01 ජූලි 2018 02:45