ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය
ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය
ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය

Dhamma Sermons

Dhamma Articles

Meditations

අපගේ අනුශාසනය පරිදි පින්වත් සිංහල බෞද්ධ මහත්වරු කිහිප පොලකගේ මුලිකත්වයෙන් අරඹන ලද ශ්‍රී සද්ධර්ම පදනම වනාහි ශ්‍රී ලංකා ද්වීපවාසී සිංහල බෞද්ධ ප්‍රජාව වසර දහස් ගණනක් විවිධ විදේශ ආක්‍රමණ හා ස්වභාවික විපත් ආදී අනේක ප්‍රකාර දුෂ්කරතා මැද ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් මහා භාරත දේශයේ පහල වූ ලොව අසහාය විමුක්ති දායකයාණන් වන ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලෝක වාසී සහෝදර මානව ප්‍රජාවට දායාද කිරීම පරමාර්ථය කොටගත්, පරාර්ථකාමිත්වය හා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් මෙම ධරණී තලය මත සුරක්ෂිත කර ගැනීමේ උදාර සංකල්පනාවන්ගෙන් යුතුව ස්ථාපිත කල පදනමක් බව ලෝකවාසී සහෝදර මානව ප්‍රජාවට ගෞරව පූර්වකව සිහිපත් කරමි.මානව සංහතියේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කරන, මානව වර්ගයා ඇතුළු සකල සත්ව ප්‍රජාවන්හි සැපය හා අභිවෘද්ධිය පතන උත්තරීතර ධර්මයකි බුදු දහම. ජාතිය, කුලය, වර්ණය, භාෂාව සහ ආගම ආදියෙන් සත්වයා උසස් හෝ පහත් නොවන බව ප්‍රකට කල, වදාළ බුදුරජාණෝ එක්දරු මවක් සිය ප්‍රාණය දෙවැනි කොට තම එකම දරුවා රකින්නාක් මෙන් සියළු සත්ව ප්‍රජාව කෙරෙහි මිත්‍රත්වය පතුරුවා වාසය කළයුතු බව වදාළහ.

මනුෂ්‍ය සංහතියේ ආශ්චර්‍යමත් පුරුෂෝත්තමයාණන් වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට වදාළ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කොට අනාගත මානව ප්‍රජාවට දායාද කිරීම සමස්ථ මානව ප්‍රජාවගේම දැවැන්ත වගකීම බව අප පදනමේ හැගීමයි.එකී යුතුකම යථාර්තයක් කරගනු වස් ශාන්තිනායක ලෝකනායකයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවත්වාගෙන යනු ලබන අප දේශයේ විවිධ දුෂ්කරතා ඇති පළාත්වල පිහිටා ඇති බෞද්ධ වෙහෙර විහාර, සංඝාරාම, දහම් පාසැල් වැඩි දියුණු කිරීම අප පදනමේ අපේක්ෂාවයි.

තවද බුදුදහමේ මූලික අරමුණ වන සත්වයාගේ සුවපත් බව පරමාදර්ශය කොටගෙන අපගේ ශ්‍රී ලංකා ද්වීපයේ අනේක දුෂ්කරතා නිසා පීඩාවට පත් සහෝදර ජනතාවට උපකාර කිරීම සහ අප දේශයේ බෞද්ධ ප්‍රජාව බෞද්ධ දර්ශණයට අනූව පවත්වන පුණ්‍ය කර්ම සදහා ලෝකවාසී සහෝදර ජනතාව දායක කර ගැනීම යන අරමුණ පාදක කොටගෙන අප පදනම ශක්තිමත් කර ගනිමින් අප පදනමේ ඉහතින් සදහන් අරමුණු යථාර්තයක් කර ගැනීම පිණිස ලෝකවාසී මානව සංහතියේ අභිවෘද්ධිය සහ ශ්‍රේෂ්ඨත්වය ප්‍රාර්ථනා කරන සහෝදර ලෝකවාසී මහත්ම මහත්මීන්ට ගෞරව පෙරදැදිව ආරාධනා කරමි.

සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා !

මෙයට,
පූජ්‍ය නිල්පනාගොඩ පියනන්ද හිමි.

කිරීමට නියමිත පින්කම්

නවතම ලිපි